ශ්රී ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා 1000ක්
ජපානයේ GTN – Global Trust Network ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ජපානයේ රැකියා 1000කට වැඩි ප්‍රමාණයක් ලබාදීමට පියවර ගන්නා බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට සහතික වී තිබෙනවා.
විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ ජපානයේ සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීමේ අරමුණින් ජපානයට ගොස් සිටින අමාත්‍ය මනූෂ නානායක්කාර GTN – Global Trust Network හි සභාපති Hiroyuki Goto, Skilled Labour Division හි කළමනාකරු Yuka Kuwahara සහ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි.
එම සාකච්ජා වලදී මෙම වසරේම සේවකයින් 150 දෙනෙකුට රැකියා ලබා දීමටත්, ලබන වසරේ තවත් කම්කරුවන් 1000 ක් බඳවා ගැනීමටත් ජපාන නිලධාරීන් එකඟ වී තිබෙනවා.
ජපානයේ ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා නියෝජිතායතනයක් වන GTN – Global Trust Network, විදේශ ශ්‍රමිකයන් 350,000 කට වැඩි පිරිසකට ජපානයේ රැකියා අවස්ථා ලබා දී ඇත.
මෙවැනි කීර්තිමත් ආයතනයක් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා උදාකර දීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.
ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට වාර්ෂිකව පිරිනමන රැකියා අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරියේදී එම සංවිධානය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
The post ශ්රී ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා 1000ක් appeared first on ITN News.