පාසල් දහසක ඔසු කැද ලබාදීමේ ව්යාපෘතිය ඇරඹෙයි
දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ අරමුණෙන් පාසල් දහසක ඔසු කැද ලබාදීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. පෑලියගොඩ දේශමාන්‍ය එච් කේ ධර්මදාස මහා විද්‍යාලයේ දී එම කටයුතු ආරම්භ වූයේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහභාගි කර ගනිමින් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ අනුව පාසල් දරුවන්ට පෝෂණීය ගුණයෙන් යුතු කැද වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත වට්ටෝරුවකට අනුවයි කැද සකස් කිරීම සිදුකෙරෙන්නේ.
The post පාසල් දහසක ඔසු කැද ලබාදීමේ ව්යාපෘතිය ඇරඹෙයි appeared first on ITN News.