මේ වසරේ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම ලක්ෂ 2කත් ඉක්මවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224, 915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි. ශ්රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට මසකට සාමාන්යයෙන් විදේශ ගමන් බලපත්ර 84,000 ක් පමණ නිකුත් කරන බවයි.