කර්ච් පාලමේ පිපිරීමට යුක්රේනය සම්පූර්ණයෙන් වගකිවයුතු බව පුටින්ගෙන් චෝදනා
රුසියාව සහ ක්‍රිමියාව යා කරන යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන කර්ච් පාලමේ පිපිරීමට යුක්රේනය සම්පූර්ණයෙන් වගකිවයුතු බවට රුසියා ජනාධිපතිවරයා චෝදනා කරනවා.
රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සදහන් කරන්නේ එම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රහාරය සදහා රුසියාවට සතුරු රටවල් හා රුසියා වැසියන් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවයි මේ වන විට අනාවරණය වි ඇත්තේ. රුසියා ජනාධිපතිවරයාගේ නියෝගය මත මෙම පාලම ඉදිකර තිබූ අතර යුක්රේනයට එරෙහි යුද්ධ මෙහෙයුම් සදහා අවි ආයුධ ප්‍රවාහනය කළ ප්‍රධානතම මාර්ගය වන්නේ ද මෙයයි. එමෙන්ම 2014 වසරේ දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීමේ සංකේතය ලෙසද මෙම පාලම සැලකෙනවා. මෙම පිපිරීම සිදුව ඇත්තේ පාලම හරහා ධාවනය වෙමින් තිබු ඉන්ධන රැගත් ට්‍රක් රථයක් පිපිරීමට ලක් වීමෙනුයි. එම පිපිරීම සමග පාලමට ඉහළින් පිහිටා තිබූ දුම්රිය මාර්ගයේ ගමන් කළ ඉන්ධන දුම්රියට ද ගින්න පැතිර ගියා. ඉන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් මිලියන 8ක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට එම පාලමේ කොටසක් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
The post කර්ච් පාලමේ පිපිරීමට යුක්රේනය සම්පූර්ණයෙන් වගකිවයුතු බව පුටින්ගෙන් චෝදනා appeared first on ITN News.