ඩෙංගු යළි හිස ඔසවයි
වර්ෂාවත් සමග ඩෙංගු යළි හිස ඔසවා ඇති බැවින් ඒ පිලිබද දැඩිව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 36 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1152 දෙනෙකු හදුනාගෙන ඇති බවයි. මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,317ක්. එහෙත් පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 19,912 දෙනෙකු පමණයි.
මේ අනුව ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. ඩෙංගු රෝගීන්ගේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනුයි. මහනුවර ගාල්ල යාපනය කෑගල්ල පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද රෝගීන් සැළකිය යුතු පිරිසක් වාර්තා වී තිබෙනවා.
The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.