අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට
අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.
අහුන්ගල්ල නගරයේදී හෝටලයක් ඉදිරිපිට දී ඊයේ වෙඩි තැබීමක් සිදු වුණා. මෝටර් රථයකින් පැමිණි වෙඩිකරු ත්‍රීරෝද රථ ගාලයක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කළා.
ඉන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා සිදු කළ මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු අපරාධය සදහා යොදා ගත් ගිනි අවිය සොයා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. එහිදී විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මියගිය බවයි පොලිසිය පවසන්නේ.
The post අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට appeared first on ITN News.