How can Sri Lankan charities find international donors and partners?

සුදු කරපටි අපරාධකරුවන් 

- colombotelegraph.com

ප්‍රසාද් මොහොට්ටි

ප්‍රසාද් මොහොට්ටි

සුදු කරපටි අපරාධකරුවන් (White-Collar Criminals) යන නම මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ එඩ්වින් සදර්ලන්ඩ් නම් සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයාය. ඔහු මෙම අපරාධකරුවන් නිර්වචනය කලේ, සමාජයේ ඉහල ස්ථරයේ පුද්ගලයෙකු විසින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව (non-violent ) කරන්නා වූ මූල්‍යමය අපරාධයකි. මොවුන් විසින් සිදු කරන අපරාධ අතර, මුදල් විශුද්ධකරණය, කොටස් වෙළඳ පොල වංචාවන්, රජයේ උසස් නිලධාරීන් විසින් සිදු කරන අයතා කටයුතු සහ ව්‍යාජ ව්‍යාපාරවල (Ponzi schemes) ආයෝජනයට මුදල් යෙදවීම වැනි නොයෙකුත් මූල්‍ය අපරධ දැක්විය හැක. 

සමාජයේ සුලබව සිදුවන සුලු සහ මධ්‍යම පරිමාණ ගණයේ අපරාධ වන අතර බොහෝවිට අවසන් වන්නේ කෙටි කාලයක් තුලදී එම පුද්ගලයා නිරාවරණය වීමෙන් හෝ පොලීසියට කොටු වීමෙනි, එම නිසා සමාජමයට සිදුවන හානිය අවම වේ.

නමුත් සුදු කරපටි අපරාධකරුවන්ගේ සූක්ෂමභාවය සහ සමාජ සම්බන්ධතා ජාලය නිසා දීර්ඝ කාලයක් තිස්සේ විශාල ආර්ථික හානියක් කල හැක. ඇමරිකාවෙ පමණක් වංචනික ගනුදෙනු නිසා පසුගිය වසරේ සිදුවූ ආර්ථික හානිය ඩොලර් බිලියන 5.8 කි.

අනකුත් අපරාධකරුවන් මෙන් නොව ඔවුන් අභිප්‍රේරණය වන්නේ (motivation) මුදල් මතම පමණක් නොවේ, මුදල් මත ගොඩනැගෙන සමාජ තත්වය, ප්‍රභූත්වය, යන මානසික අභිප්‍රේරනයන්ට (Psychological motivations) ලලාසාවක් දක්වයි. මෙම පුද්ගලයන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට කුඩා අවදියේ ආර්ථික අපහසුතා, ආදරය නොලැබීම වැනි ළමා මනසේ තුවාල ඇතිකරන්නාවූ බලපෑම් වලට භාජනය වීම් දැකිය හැක. ළමා කලය තුල තමාට අහිමි වූ ආශාව පසු කලක බලය, ධනය, රූපය සහ සමාජ තත්ත්වය යන දේ මගින් පුරවා ගැනීමට ඔවුන් පෙලඹේ. එම අඩුව හුදෙක් මානසික අඩුවක් නිසා, එම ආසාව භෞතික වස්තූන් වලින් සංසිදිය නොහැක. එයට අවසානයක් නැත.  

මෙම පුද්ගලයන්ගේ බොහෝ දෙනෙකුට නාසිසිටික් පෞරුෂයක (Narcisstic personality Traits) ලක්‍ෂණ හෝ සමාජ් විරොධී පෞරුෂයන්ගේ ලක්ෂන (Antisocial Personality Traits) දැකිය හැකි බව මනෝ විද්‍යාත්මක මතයයි. නාසිස්ටික පෞරුෂයක ලක්‍ෂණය නම් දැඩි ආත්මරාගයයි. ඔහු හෝ ඇයට අනුව ලෝකයේ  සිටින්නේ ඔවුන් පමනි අනෙකුත් සියලු මිනිසුන් ලෙයින් මසින් සැදුන අය නොව තමාට සූරා කෑ හැකි අචේතනික වස්තූන්ය. ඔවුන් සූරා කෑමට ඔවුන්ට අනුලංගනීය අයිතියක් (entitlement) ඇතිබව ඉතා දැඩි ලෙස පිලිගනී. 

හෘද සාක්ෂියෙන් තොර වූ මෙම පුද්ගලයන්  කිසි විටකත් කල වරද ගැන පශ්චාත්තාප (remorseful) නොවේ. එම හේතුව නිසාම ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව සීමා සහිතය.

සමාජ විරෝධී පෞරුෂයක් ඇති  අයට නීතිය යනු විහිලුවක්ය. නීති ඇත්තේ තමා මෙන් බුද්ධිමත් අයට රිංගා යෑමටයි. මෙම අපරාධ  කරුවන්ට  බොහෝ විට නව යොවුන් වියේ සිට (adolecent age)  දිවෙන අපරාධ සහ නීති කැඩීම පිලිඹ්ඳ ඉතිහාසයක් ඇත. 

මොවුන්ගේ වින්දිතයන් බොහෝ විට ඉහල බුද්ධි මට්ටමක් සහිත වෘතිකයන්, ව්‍යාපාරිකයින්, දේශපාලකයන් සහ කලු සල්ලි ජාවාරම්කරුවන්ය .  සමාජයේ ඉහල බුද්ධිමට්ටමක් සහ අත් දැකීම් සහිත විශාල පිරිසක් තනි පුද්ගලයෙකු විසින් වසඟයට (seduction) ගැනීම තේරුම් ගන්නේ කෙසේද? තේරුම් ගත නොහැකි හැසිරීමකට හේතුව අවිඥ්ඥානයේ  බව මනෝවිද්‍යාවේ සිද්ධාන්තයකි. 

මෙහිදී මනොවිද්‍යාත්මකව සිදුවන්නේ වින්දිතයා මානසික මෙහෙයුමකට ලක් කිරීමකි. අපරාධකරුවා වින්දිතයාගේ සවිඥ්ඥානික සහ අවිඥ්ඥානික මනස තුල ෆැන්ටසියක් ගොඩනගයි. ඒ මතින් විචාර බුද්ධිය නිර්වින්දනය කර තමාගේ අනට කීකරු රූකඩයක් බවට පත් කරයි. මේ සීමිත කාලය් තුල දී සිය අවෂ්‍යතාවය ඉටුකරගෙන ඉවත දමයි. 

මොවුන් තේරුම් ගැනීමට සමාජ විද්‍යාව,අපරාධ විද්‍යාවට අමතර මනෝ විද්‍යාත්මක ප්‍රවේශය වැදගත් වන්නේ මේ නිසාය.

මෙවැනි අය වින්දිතයන් අපයොජනය කරන ප්‍රදාන මානසික මෙහෙයුම වින්දිතයාගේ විෂ්වාසය දිනා ගැනීමය එම නිසා ඔවුන්ට කොන්-ආටිස්ට යන නම භාවිතා කරයි (confidence Artist) කොන්-ආටිස්ට් කෙනෙක් වින්දිතයෙකුගේ විෂ්වාසය  දිනා ගන්නා  ආකාරයඅනුපිළවෙල 6 කින් විස්තාර කර ඇත. (6 confidence tricks ) 

1. පලමුව ඔහු ඒ සඳහා පදනම සාදා ගනී (Foundation) (පුද්ගලයාගේ සිතැඟි, ඇසුරු කරන අය ආදී වශයෙන්) දක්ෂ කොන්-ආටිස්ට් කෙනෙකු අපටත් වඩා අපේ සිතුම් පැතුම් දන්නා බවට කියමනක් ඇත.

2. ප්‍රවේශය (Approach), ප්‍රභූ හමුවීම්, සම්භාෂණ, කලා කටයුතු, ආගමික ස්ථාන සුලබ දඩබිම්ය. මෙහිදී කිසිම ගනුදෙනුවක් කතා නොකරයි. පළමු හමු වීම වින්දිතයාගේ සිතේ සනිටුහන් වන්නේ දෙවි කෙනෙක් සේ අවංක, අයින්ස්ටයින් වගේ බුද්ධිමත්, වොරන් බෆේ වැනි දක්ෂයකු අහම්බෙන් හමුවීමක් ලෙසය.

3. තුන් වෙනි අදියර, ක්‍රමානුකූලව විශ්වාසය ගොඩනැගීම (confidence build up), ඇත්තෙන්ම එම ක්‍රියාවලිය සුහුරු (samrt) කලාවකි. අපරාධකරුවා තමාගේ ප්‍රතිරූපය ඉදිරිපත් කරන්නේ ඉතා බලගතු ඉහල ප්‍රභූ සමාජයේ කෙනෙකු ලෙසයි. අදින පලදින විදිය, ඇසුරු කරන පුද්ගලයන්, කාර්‍යාලය, ගෘහ භාණ්ඩ ඔහුගේ හෝ ඇයගේ ආයුධ කට්ටලයයි. මොවුන් බොහොවිට සිත් ගන්නා සුලු පෙනුමෙන් සහ කැරිස්මාවෙන් අනූන පුද්ගලයො වෙති. එමගින් ඔහු හෝ ඇය සියලු දේ කිරීමට හැකියාවක් සහිත කෙනෙක් බවට විශ්වාසයක් ගොඩනගයි.

දෙවනුව වින්දිතයාගේ දුර්වල ස්ථාන හදුනාගෙන් ඒවාට ආමන්ත්‍රණය කරයි, මුදලට ඇති ආශාව, ලිංගිකත්වය, කීර්තියට ඇති ආසාව ඔවුන්ගේ ඉලක්ක බවට පත්වේ. 

ඔබට මීට වඩා සැපවත් ජීවිතයක් ගතකිරීමට විභවයක් බවත්,ඔබේ නොහැකියාව සහ බිය නිසා ඔබ විසින්ම එය අවහිර කර ඇති බව ඒත්තු ගන්වයි. ඒ අතර ප්‍රමානය ඉක්මවා හිස් ආටෝප වචන, බොරු අගය කිරීම් මගින් වින්දිතයාගේ ඊගොව(Ego) කුල්මත් කරයි.

මේ අවදියේදී වින්දිතයා භාවාත්මකව කම්පනයකට පත්වී සිය විචාර බුද්ධිය අහිමි කරගනී. අපරාධකරුවා ගැහැණියක් නම් සිය ස්ත්‍රීත්වය මේ සඳහා අමතර පහසුකමක් සපයයි. මෙවැනි ස්ත්‍රීන් femme fetale (මාරාන්තික රූමතිය) යන ප්‍රංශ වචනයෙන් හඳුන්වයි. 

4. සුළු සන්තෝසම් ලබාදෙන අවදිය. ඔවුන් වින්දිතයාට සුළු ප්‍රතිලාභ  ලබාදීම (pay off or convincer), ප්‍රතිලාභ ලැබූ අනෙත් අය හඳුන්වාදීම්, සුළු උපකාර මගින් විදිතයාගේ විෂ්වාශය තවත් තහවරු කරගනී. මෙම කාලය තුල මානසික මෙහෙයුම දියත් කිරීම මඟින් වින්දිතයාගේ, ආසාවන්, දුර්වල තැන් ගැන අවදානය යොදවයි.

5. උච්චතම අවස්ථාව (climax or “Hurrah” moment) මෙම කාලය තුල වින්දිතයාගේ මනොභාවයන්ට ගැලපෙන ආකාරයට ක්ෂනිකව  ඉතා ලාභදායි යැයි හඟවමින් සුළු කාලයක් තුල නිමකිරීමට බල කෙරෙන සේ (window opportunity) ගනුදෙනුව  ඉදිරිපත් කරයි. හදිසි කිරීම  තවත් මානසික මෙහෙයුමකි. හදිසි අවස්ථාවකදී විචාර බුද්ධිය අහිමි වීම මෙන්ම ආසාව සහ බිය යන මූලික සත්ව හැසිරීම් වලට අවනත වේ, විශාල ලාභයකට ආසාව ඇතිවීමත්, ඉක්මනින් අත්පත් කර නොගත්තොත් අහිමි වීමත් යන බිය හේතුවෙන් වින්දිතයා සිය කැමැත්තෙන් ගනුදෙනුව නිමා කරයි.

6. අවසාන අවදිය. ඉටු දෙවියා කුමන්ත්‍රණකරුවා බවට පත්වීම.(in and in) කල්ගත වීමෙදී වින්දිතයා යථාර්තයට මුහුණ දේ. නමුත් කිසි විටක ඔවුන් සිය වැරද්ද පිලිනොගනී, වැරැදද වෙන කෙනෙකුට පටවයි, නැත්හොත් වින්දිතයාට උදව් කරන්නට ගොස් ඔහු හෝ ඇය අමාරැවේ වැටුන බව පවසා ඔහුත් වින්දිතයාගේ භූමිකාව රඟපායි. 

දක්ෂ වෘත්තිකයන්, ව්‍යාපාරිකයින්, කලු සල්ලි උපයන්නන් තනි පුද්ගලයෙකුගේ මානසික මෙහෙයුමකට අසුවන්නේ මේවැනි වසඟයකිනි.

ඉහත විස්තර කරන ලද ක්‍රියාවන් සමහරක් අලවි ප්‍රවර්ධනයෙදී, යොදා ගන්නා මුත් ඒ පිළිබඳ අපගේ සවිඥ්ඥානක මනස දැනුවත් වේ. නමුත් දක්ෂ කොන්-ආටිස්ට් කෙනෙකුට ඕනැම පුද්ගලකු හසු වීමේ අවදානමක් ඇත.

යම් කෙනෙකුගේ හැසිරීම නිසා ඔබට පහත සඳහන් දේ දැනෙනවනම් ඔහු හෝ ඇය කොන්-ආටිස්ට් කෙනෙකු වීමට ඉඩ ඇත.

1. ඉතා ඉක්මනින් කුළුපග වීම. ඔබ සිතන ආකාරය සහ ඔබේ දුර්වලතා ඉක්මනින් හදුනා ගැනීම.

2. ඔබගේ ආත්ම විෂ්වාසය පලුදු කොට,ඔබ ජීවත් වෙන ආකාරය සහ අදහස් ගැන සැකයක් හෝ වරදකාරී හැඟීමක් ඇති කිරීම. ඔබ ඉදිරියේ ඉතාමත් උසස්, ධනවත් සහ දක්‍ෂ බව පෙන්වමින් ඔබ ඉතා කුඩා බවට පත් කිරීම.

3. ඔබේ ප්‍රශ්ණ විසඳීම ගැන ඔබට වඩා උනන්දුවක් ඇතිබව දැනීම.

4. බැලූ බැල්මට ඉතා ලාභදායක එහෙත් අපැහැදිලි ගනුදෙනු සහ වැරදි තොරතුරු ලබදීම.

5. කිසිම විටක වැරැද්ද බාර නොගැනීම සහ, වෙන කෙනෙකු පිට පැවරීම අවසාන තුරුම්පුව ලෙස සිදුවූ  ව්‍යසනය තමාගේ නොදැනුවත් කම නිසා වූ බව පවසා අනුකම්පාව ලබා ගැනීම.

මෙවැනි අපරාධකරුවන් ඉතා සූක්ෂම නිසාද, ඉන්ද්‍රජාලික බව නිසාම ඔවුන්ගෙන් ගැලවීම පහසු නැත, හොදම දෙය නම් ඉව වැටුන සැනින් සම්බන්ධතාවය අහවර කිරීමයි, මොවුන් සමඟ ගත කරන් කාලය වැඩි වෙන තරමට ඔහුට හෝ ඇයට අසුවීමේ අනතුර වැඩි වේ. 

Resources,

Council of better business bureaus,Northe American Securities Administrators Associasion 

Confession of a Confidence Man -Edward Henry Smith.

Psychology of Con-artist Maria Konnicova -Psychologist 

Diagnostic and Statistical Manual of Mental Disorder V.

 

The post සුදු කරපටි අපරාධකරුවන්  appeared first on Colombo Telegraph.

You may also like

- colombogazette.com

Turkey has suspended all trade with Israel over its offensive in Gaza, citing the “worsening humanitarian tragedy” in the strip. The Turkish trade ministry said the measures would be in place until Israel allowed an “uninterrupted and sufficient flow” of aid into Gaza. Trade between the two countries was worth almost $7bn (£5.6bn) last year. […]

- colombogazette.com

Sri Lankan Anjalee Rajasighe has won UK’s prestigious hair and beauty awards 2024. Rajasighe, who runs Anjalee Laser Beauty and Spa, was named Beautician of the Year at The English Hair and Beauty Awards, Chapter 3. Anjalee, who is from Sri Lanka, moved to Luton 19 years ago and now runs the business with the help of […]

- colombogazette.com

With a formidable batting lineup featuring Travis Head, Heinrich Klaasen, and the in-form youngster Abhishek Sharma, Sunrisers Hyderabad have been the most destructive batting side in IPL 2024, punishing opposition bowlers throughout the tournament. This season of IPL 2024 has featured sensational batting performances, with four teams already securing spots in the top five highest […]

- colombogazette.com

The ICC has banned West Indies batter Devon Thomas from all cricket for five years. Thomas accepted breaching seven counts of the anti-corruption codes of Sri Lanka Cricket (SLC), the Emirates Cricket Board (ECB) and the Caribbean Premier League (CPL). Thomas had been suspended for corruption in May 2023 when he was slapped seven charges, which included “contriving to […]

- colombogazette.com

A Macau-based gaming operator is to open its casino at the City of Dreams Sri Lanka in mid-2025. Melco Resorts had been awarded a 20-year casino license to operate City of Dreams Sri Lanka, in the country’s capital of Colombo. The Macau-based gaming operator is rebranding the former ‘Cinnamon Life Integrated Resort’ into City of […]

- island.lk

Pakistan secured their first win of the tour, beating West Indies by eight wickets after a comprehensive all-round performance. It came thanks to a clinical all-round performance after the visitors won the toss and batted first, with Sadia Iqbal and Nida Dar taking three wickets each to skittle West Indies out for 84. There were […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc