අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති
අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති.
මාතලේ දඹුල්ල පල්ලේගම ග්‍රාමයේදී 1953 වසරේ ජනවාරි දෙවනදා උපත ලද පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ 1968 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.
1975 වසරේ මහනුවර මංගල උපෝසතාරාමයේදී උපසම්පදා සීලයේ පිහිටවූ උන්වහන්සේ අටමස්ථානාධිපති ධුරයට පත් වූයේ 1997 වසරේ ජුනි මස 5 වනදායි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානයෙහි සංවර්ධන කටයුතු සිදු කරමින් දැවැන්ත ශාසනික හා ජාතික සේවාවක් ඉටු කළා.
හදිසියේ රෝගාතුර වූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ අපවත් වුණා.
The post අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති appeared first on ITN News.