අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වත්තල අප්පගෙවත්ත ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 152 ක් සොයා ගත්තා.
මේ අතර පසුගිය අගෝස්තු මස 29 වනදා අලිවත්තේ අසිත නමැත්තා ඝාතනය කිරීම සදහා යොදාගත් යතුරුපැදි සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි හි සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රූබන් නමැත්තාගේ ගෝලයන් තුන් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.