පියාට වැරදුනු පිහි පහරින් 10 හැවිරිදි දරුවාට ජීවිතය අහිමි වෙයි
දෙමාපිය ආරවුලක් දුරදිග යාමෙන් මාතර වරල්ල බොරලුවහේන වැලිමාරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10ක දරුවෙකුට සිය ජීවිතය අහිමිවුණා.
දෙමාපියන් අතර ආරවුලක් ඇති වී තිබෙනවා. අනතුරුව මව සිය දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් කොස්මෝදර පොලිසිය වෙත ගමන් කරමින් සිටියදී ඉලුක්කැටිය පාලම අසල තේවත්ක සැගව සිටි පියා තියුණු ආයුධයකින් මවට පහරදී තිබෙනවා.
එම පහර යතුරු පැදියේ ඉදිරිපස සිටි දරුවාගේ හිසට වැදීමෙනුයි මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ.
The post පියාට වැරදුනු පිහි පහරින් 10 හැවිරිදි දරුවාට ජීවිතය අහිමි වෙයි appeared first on ITN News.