පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පුපුරණද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු බලංගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්තක කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බලංගොඩ ඉහළ දාමහන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකළා. ඒ අනුව බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටි වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 1850ක් ඩෙටනේටර් 437ක්, ජෙලට්නයිට්කූරු 80ක් හා වෙඩි බෙහෙත් පිපිරවීමට යොදා ගන්නා සේවා නූල් මීටර් 60ක් මෙසේ සොයා ගැනුණා. වයස අවුරුදු 36ක් වන මෙම සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු බලංගොඩ පොලිසියට භාර දී තිබෙනවා.
The post පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.