හික්කඩුවේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට
මීට ටික වේලාවකට පෙර හික්කඩුව – තිරාණගම හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මීට පෙර පොලිසිය පැවසුවේ මෙම වසරේ මුල් මාස 09 තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 32 ක් පොලිසියට වාර්තා වූ අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගිය බවයි.
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිදුවන සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් විශේෂ අපරාධ මැඩලීම සඳහා මීට දින කිහිපයකට පෙර දකුණු පළාතේ ද නව පොලිස් කොට්ඨාශයක් ස්ථාපිත කෙරුණා.
The post හික්කඩුවේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.