ලබන දෙවනදා සිට අසූර් එයාර් මොස්කව් සිට ශ්රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි
ලබන දෙවනදා සිට අසූර් එයාර් ගුවන් සමාගම මොස්කව් සිට ශ්රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
රුසියාවේ ප්‍රමුඛපෙළේ ගුවන් සමාගමක් වන අසූර් එයාර් ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. රුසියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ අත්දැකීම ලබාදෙමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මකයි. අසූර් එයාර් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සදහා මොස්කව් ශාන්ත පීටර්ස්බර්ග් කර්ස්නොයාර්ස්ක් සහ නොවසිබිරික්ස් සිට මෙහි සේවා ක්‍රියාත්මක කරනු ඇති. රුසියාව ශ්‍රී ලංකාවට වැදගත් සංචාරක ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන බැවින් මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇති.
The post ලබන දෙවනදා සිට අසූර් එයාර් මොස්කව් සිට ශ්රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි appeared first on ITN News.