ඉල් පුර පසළොස්වක පොහොය අදයි
ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබිමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ හැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන් බෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන්පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා.
ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානකර තිබෙනවා.
The post ඉල් පුර පසළොස්වක පොහොය අදයි appeared first on ITN News.