වායුගෝලයේ කැළඹිලි තත්වය තවදුරටත් – වැසි වැඩි වෙයි

- itnnews.lk

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර , ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මඩකලපුව සිට ත්‍රිකුණාමලය,කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45)පමණ දක්වා වැඩිවිය හැක.

මුහුදේ ස්වභාවය : මඩකලපුව සිට ත්‍රිකුණාමලය,කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     දිනය :   2022-11-09
නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)කාලගුණය
උපරිමඅවමඋපරිමඅවම
අනුරාධපුරය29239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව29249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ30249565සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල29249575සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය29249570වැසි වාර කිහිපයක්
මහනුවර29209570සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය19139570සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය31229565සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය28249575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම28239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

The post වායුගෝලයේ කැළඹිලි තත්වය තවදුරටත් – වැසි වැඩි වෙයි appeared first on ITN News.

You may also like

- onlanka.com

Due to the high demand during the festive season and the delay in the arrival of the ordered gas shipments to Sri Lanka, limited LP gas stocks will be released to the market until next Wednesday (November 30), The Litro Gas Company said.The post Litro Gas to release limited gas stocks to market until Wednesday appeared first on Sri Lanka News - Latest Breaking News in Sri Lanka - ONLANKA News.

- onlanka.com

Although the maximum number of inmates that can be held in the prisons across Sri Lanka is about 13,200, the entire prison system holds more than 26,000 inmates and among them, 16,000 are suspects, the Department of Prisons said.The post Sri Lanka’s prisons overloaded and exceeded capacity by 300% appeared first on Sri Lanka News - Latest Breaking News in Sri Lanka - ONLANKA News.

- adaderana.lk

Minister of Education, Susil Premajayantha says that the G.C.E Ordinary Level examination for the academic year 2022 will be held at the end of April or the beginning of May, the next year.

- adaderana.lk

An event of the Supreme Lanka Coalition (Uttara Lanka Sabhagaya) had reportedly been organized to be held today (Nov. 27), at the Hanguranketha Cultural Centre.

- adaderana.lk

The Public Utilities Commission of Sri Lanka (PUCSL) has approved power cuts of two hours and 20 minutes on November 28 and November 29.

- adaderana.lk

A young woman has drowned in the Divul Wewa reservoir at the Hindogama area in Anuradhapura.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc