සවුදි චීන ව්යාපාරික කවුන්සිලයේ සභාපති විදේශ කටයුතු ඇමති හමුවෙයි
සවුදි චීන ව්යාපාරික කවුන්සිලයේ සභාපති ෂෙයික් මොහොමඩ් අල් අජ්ලන් මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවුණා.
ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවිම සදහායි මෙම හමුව පැවැත්වුණේ. වරාය නගරය ආගන්තුක සත්කාරක අංශය සහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඇතුලුව ශක්‍යතා සහිත ආයෝජන අවස්ථා පිළිබද අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කලා. ශ්‍රී ලංකාවේ විවිධ අංශ ආශ්‍රිතව ආයෝජන කිරිම සම්බන්ධයෙන් ඇති කැමැත්ත පල කල ෂෙයික් මොහොමඩ් මහතා ඒ සදහා ශ්‍රී ලංකා රජයේ සහය ඉල්ලා සිටියා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
The post සවුදි චීන ව්යාපාරික කවුන්සිලයේ සභාපති විදේශ කටයුතු ඇමති හමුවෙයි appeared first on ITN News.