OL විභාගයේ ප්රතිඵල නිකුත් වෙයි
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප්රතිඵල නිකුත් කෙරුණා.
විභාග දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම ප්‍රතිඵල දැන ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.
පසුගිය වසරේ පැවති 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් හාරලක්ෂ හත් දහස් හත්සිය අසූ පස් දෙනෙකු පෙනී සිටියා.පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ දහ දහස් හාරසිය හැටක් වනවා.
මේ අනුව විභාග මධ්‍යස්ථාන තුන් දහස් අටසයි හතලිස් පහකදී විභාගයට පෙනී සිටි සමස්ථ අයදුම්කරුවන් සංඛ්‍යාව පන් ලක්ෂ දහ අටදහස් දෙසිය හතලිස් පහක් වනවා.
අපොස සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබාගැනීමේ පහසුකම් සළසා තිබෙනවා.විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් කැදවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
The post OL විභාගයේ ප්රතිඵල නිකුත් වෙයි appeared first on ITN News.