How can Sri Lankan charities find international donors and partners?

එක්දින ලෝක කුසලානයේ ශ්රී ලංකාවේ ඉරණම සහාය පුහුණුකරුගේ ඇසින්

- srilankacricket.lk

පැතුම් ගැනත් කතා කරයි

Chamila Karawita reporting from Pallekele

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 වේ. ඇෆ්ගනිස්තානය හමුවේ ලද අනපේක්ෂිත තරග පරාජයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට තිබූ ඉඩ කඩ ශ්‍රී ලංකාවෙන් දැන් තවත් ඈතට ඇදී ගොසිනි. ඒ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ලද ලකුණු 60 ක පරාජයත් සමඟය.

නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඇෆ්ගනිස්තානුවන් ලබා දුන් ලකුණු 295 ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 38 ක් අවසනදී ලකුණු 234 ක් පමණි. මෙම පරාජයත් සමඟ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 62 ක් පමණි. එම තත්ත්වය මත ශ්‍රී ලංකාව තවමත් රැඳී සිටින්නේ එම සටහනේ 10 වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එවන් තලයක පසුවෙද්දී ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු 110 ක් ලබා සෘජුව සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමක්‍රමයෙන් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටියි. ඔවුන් 7 වැනි ස්ථානයේ රැදී සිටින්නේ තවත් ඔ්නෑ තරම් තරග ඔවුන් අත ඉතිරිව තබාගෙනය.

“දැන් ඉන්න තත්ත්වයත් එක්ක අපිට හැම තරගයක්ම තීරණාත්මකයි. මොකද 2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්න අපිට හැම තරගයක්ම දිනන්න සිද්ධ වෙනවා. හැම තරගයක්ම තීරණාත්මක විදියට අරගෙන ක්‍රීඩා කරන්න වෙනවා” යැයි ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අභිමුව ඇති දැවැන්ත අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරුවා මෙන්ම පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරන නවීඩ් නවාස් සඳහන් කර සිටියේය.

සුදුසුකම් ලැබීමේ තරගාවලි ව්‍යුහය ගෙන බැලීමේදී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී රටව් 8 ක් සමග තරග 3 බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර ඉන් තරග 12 ක් සිය රටේද අනෙක් තරග 12 විදෙස් රටකදීද තරග වැදි යුතුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරග 19 කට ක්‍රීඩා කොට ජය ගෙන ඇත්තේ තරග 6 ක් පමණි. ඇෆ්ගනිස්තානු පිල තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 13 ක් වුවත් ඔවුන් 7 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ඉන් 11 ක් ජය ගනිමිනි. වර්තමාන තත්ත්වය අනුව පළමු කණ්ඩායම් 8 හි අවසන් ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැදී සිටින්නේ සියලුම තරග ක්‍රීඩා කිරීමෙන් පසුවයි. කොදෙව් පිල තරග 9 ක් ජය ගෙන තිබෙන අතර 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් ඔවුන්ව අභිබවා යෑමට නම් ඉතිරි තරග 5 න් 4 ක් ජය ගැනීම අනිවාර්යය වේ. මේ තත්ත්වය මත ඇෆ්ගනිස්තානය සමඟ හෙට සහ ලබන 30 වැනිදා පැවැත්වෙන තරග 2 ජය අනිවාර්යය වනවා පමණක් නොව අවසන් තරගාවලිය ලෙසින් නවසීලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී පැවැත්වීමට තරග 3 න් 3 ම නැතත් 2 ක් හෝ ජය ගැනීම අනිවාර්යය තත්ත්වයකි.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුටත් අදහස් දක්වා සිටි පිතිකරණ පුහුනුකරුවා, තරග පරාජයට පිතිකරණයේ වූ අඩුපාඩු ප්‍රධාන වූ බවද සදහන් කර සිටියේය.

“අපි පිතිකරුවන් දෙන්නෙක් ලකුණු 25 ක් 30 ක් ගහගෙන එද්දී හැම වෙලේම විකට් එකක් වැටුණා. පැතුම් සහ වනිදු ඇරෙන්න වෙන කරුවුත් විකට් එකට අනුගත වෙලා ඊළඟ පිතිකරුවාට උදව් කරගෙන සම්බන්ධතාවක් ගොඩ නගා ගන්න පාටක් පෙන්නුවේ නෑ. හැම වෙලේම විකට් වැටුනා. ඒත් අපි ශුද්ධ ලකුණු වේගය අතින් හැම වෙලේම උඩින් හිටියා. ඔ්වර 38 ක් යනකොට අපිට තව ඔ්වර 12 ට ගහන්න තිබුනේ ලකුණු 60 යි. අපි කඩුලු වැඩිපුරට වට්ටගත්තු නිසයි අපිට ඒ ඉලක්කයට යන්න බැරි වුණේ” යැයි පිතිකරණ පුහුණුකරුවා සදහන් කර සිටියි.

පිතිරුවන් තරගයේ පරාජයේ භාරකරුවන් බවට නම් කෙරුණද පන්දු යැවීමේදීත් යම් යම් අඩපාඩු තිබූ බවද නවාස් මෙහිදී පිලිගත්තේය. “පන්දු යවන්නන්ගේ යම් යම් අඩුපාඩුත් තිබ්බා. ඒ වුණාට මේ තණතිල්ලේ 300 ට අඩුවෙන් තියාගන්න ලැබිච්චි එකත් මම හිතනවා හොද ලකුණක් කියලා. මොකද තණතීරුව හොද එකක්. විශේෂයෙන් දවල් ට මේක පිතිකරුවන්ට හොදයි. ඒ වගේම යාර 30 සීමාවට එහා වේගයෙන්  පන්දුව ඇදී යනවා. දෙවැනියට බැට් කරනකොට ඔයාලටම පේන්න ඇති කඩුල්ලේ කොච්චර ලකුනු තිබුණද කියලා. එතැනදි පන්දු යවන්නන්ගේ අඅඩුපාඩු තිබ්බේ නෑ කියන්නේ නෑ. පොඩි පොඩි අඩුපාඩු තිබ්බා. නමුත් මං හිතනවා අන්තිම ඔ්වර වෙනකොට අපි හොදට පන්දු යැව්වා කියලා මම හිතනවා” යැයි නවීඩ් සදහන් කරයි.

මෙම තරගයේදී පිතිකරණයෙන් පැතුම් නිස්සංක සහ වනිදු හසරංග කැපී පෙනින. එක් අන්තයකින් පිතිකරුවන් දැවී ගියද සිය අන්තය ආරක්ෂා කරගත් හුරුබුහුටි දකුණත් පිතිකරුවා ඇෆ්ගන් පන්දු යවන්නන්ට හිසරදයක් වූයේ මුහුණ දුන් පන්දු 83 ක් ලකුණු 85 ක් ලබා ගනිමිනි. ෆසල්හක් ෆරුකිගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී අනපේක්ෂිත ලෙස කඩුල්ලේ වැදී දැවී යන විට පැතුම් මනරම් හතරේ පහර 10 කින් තම ඉනිම වර්ණවත් කරගෙන තිබුණේය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම් 3 ම නියෝජනය කිරීමට සමත් මේ අසහාය පිතිකරුවා තවමත් 24 වැනි වියේ පසුවන්නේය. සාර්ථක අනාගයකට හිමිකම් කියන බවට පෙරනිමිති පළ කර ඇති පැතුම්, ඔ්නෑම අංශයකට අනුගත වීම ඉතා සාර්තකව සිදුකිරීම ඔහු සතු සහද දක්ෂතාවක් ලෙස විස්තර විචාරකයෝ පවා මහ ඉහළින් සඳහන් කර සිටිති.

“මං හිතන්නේ පැතුම් කියන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අංශ තුනම නියෝජනය කරන ක්‍රීඩකයෙකි. ඒ තුනේම ඔහුගේ දක්ෂතා බැලුවොත් කියන්න පුලුවන් ඔහු විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෙක් කියලා. හොද තාක්ෂණයක්, හොඳ අනුගතවීමක් සහ හොඳ ශාරීරික ශක්තියකින් හෙබි ක්‍රීඩකයෙක්. මං හිතනවා ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න සහ අනිත් ක්‍රීඩකයෝත් එකතු වෙලා  ලොකු දෙයක් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් කියලා පැතුම්. මේ ක්‍රීඩා කරන කණ්ඩායමේ ඉන්නවා ක්‍රීඩකයෙන් දෙතුන් දෙනෙක්. එයාලට තියෙන ප්‍රශ්න ටික විසඳගෙන ඒගොල්ලෝ හොඳ තත්ත්වයකට ගේන්න පුලුවන් අපිට ඉදිරියෙදි. අනිවාර්යයෙන්ම ලංකාවේ කිකට් ඒගොල්ලෝ හොද තැනකට ගෙන යයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා” යැයි පැතුම් නිස්සංකගේ පිතිකරණ හැකියාව පිළිබඳව සහාය පුහුණුකරු ලෙසින්ද කටයුතු කරන නවීඩ්ගෙන් කරන ලද විමසීමේදී සඳහන් කර සිටියේය.

“වනිඳු ට අපි නිදහස දීලා තියෙනවා ඔහුගේ ස්වභාවික පිතිකරණය ක්‍රීඩා කරන්න. විස්සයි-20 තරග ගත්තොත් එයා පන්දුවට පහර දෙන්න යනොකට සුලු පන්දු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වෙලාවට කඩුල්ල වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. ඒක හින්දා තමයි වනිඳුට ලෝක කුසලානය ගත්තොත් පිතිකරුවකු විදියට බලාපොරොත්තු වුනු දක්ෂතා දැක්වීමට නොහැකි වුණේ. මං හිතනවා එක්දින තරගවලදි,  විශේෂයෙන්ම වනිදු ඔස්ට්‍රේලියාවත් එක්ක පෙන්නුවා ටික වෙලාවක් බැට් කළොත් ඔහුට හොඳට පන්දුවට පහර දෙන්න පුලුවන් කියලා. ඒ හින්දම තමයි ඔහුව නොම්බර 7 ස්ථානයේදී අපි ස්ථාවර කරලා තියෙන්නේ” යැයි නවාස් සදහන් කර සිටියි.

පළමු තරගය පරාජයට පත් වුවද පිතිකරණ පුහුණුකරුවා සිය කණ්ඩායම පිළිබඳව වැඩදුරටත් බලාපොරොත්තු තබා තිබේ. අවශ්‍ය වුවහොත් දෙවැනි තරගයේදී කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතු නම් තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නවාස් සදහන් කර සිටියේය.

“දැන් ඉන්නේ තරුණ කණ්ඩායමක්. ඒක අපි හැමෝම දන්නවා. නමුත් අත්දැකීම් අතින් ගත්තොතින් ටික කාලයක් තිස්සේ ක්‍රීඩා කරන කණ්ඩායමක්. එයාලා අතින් වැරදි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අද තරගය ගැන ගත්තොත් මම කියන්න ඔ්න පිතිකරුවෝ ක්‍රීඩා කරපු හැටි ගැන සංතෝෂ වෙන්න බෑ. නමුත් මේ තරුණ කණ්ඩායමක්. අවුරුදු 4 ක් 5 ක් එක දිගට ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෝ ඉන්න නිසා කණ්ඩායමක් හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේගොල්ලලො ඉස්සරහට යනකොට කරන දේවල් ඉගෙන ගෙන එයාලගේ ක්‍රීඩා කෞෂල්‍යයන් දියුණු කරගෙන ඉස්සරහට යනකොට හොඳ කණ්ඩායමක් හදාගන්න පුලුවන් කියලා” යැයි පිතිකරණ පුහුණුකරුවා බලාපොරොත්තු සහගතව අදහස් දක්වා සිටියේය.

The post එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉරණම සහාය පුහුණුකරුගේ ඇසින් appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

- adaderana.lk

In the first quarter of 2024, state revenue has reached an impressive Rs. 834 billion, says State Minister of Finance, Ranjith Siyambalapitiya. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%, he added.

- island.lk

IPL 2024’s laggards Royal Challengers Bangaluru  (RCB) snapped a six-game losing streak to clip the high-flying Sunrisers Hyderabad (SRH) in Hyderabad to register their second win of the season. Exactly a month after their last win, RCB forced their hosts to veer away from their recent template by asking them to chase a strong total […]

- island.lk

Vanuatu, ranked 30th, stunned Zimbabwe (12th) on the opening day of the Women’s T20 World Cup Qualifier by beating them by six wickets after bowling them out for their lowest T20I score of 61. The result will rank among the biggest sporting success stories of Vanuatu, a small island nation with a population of little […]

- island.lk

Weather forecast issued at 5.30am on 26th April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas of Galle to Hambantota via Matara during the morning while showers […]

- island.lk

Teenaged Indonesia offspinner Rohmalia created a new world record for best bowling figures in women’s T20I cricket on Wednesday, when she returned 7 for 0 against Mongolia in their fifth T20I in Bali. That she achieved the feat on her international debut made it all the more special. Rohmalia topped the record previously held by […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc