බුදුදහමින් දැක්වෙන සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය

- colombotelegraph.com

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

බුදුදහම මූලික වශයෙන්ම සමස්ත මානව සමාජය දුකින් තොරව සුවපත් බවට පත් කරවීම අරමුණු කොට ඉදිරිපත් වූ ඉගැන්වීම් පද්ධතියකි. දහම පැතිරවීම සඳහා බුදුන් වහන්සේගේ අනුමතිය ලැබෙන්නේ ද එය බොහෝ දෙනාගේ සුවසෙත සඳහා (බහුජනසුඛාය) පවත්නා බැවැනි. ඒ දහම ඉදිරිපත් කළ බුදුන්වහන්සේ මහාකාරුණික නමින් හැඳින්වෙන්නේ ද කිසිදු පුද්ගල භේදයකින් තොරව අනුන්ගේ දුක දැක ඒ සැමට සම සිතින් සංවේදීවීම නිසාය. මිනිසුන් තුළ සන්තානගතව පවත්නා එක් ප්රධානතම ලක්ෂණයක් ලෙස උන්වහන්සේ විසින් හඳුනාගනු ලැබුවේ මිනිසුන් දුක පිළිකෙව් කොට සුවපත්වීමට දරන කැමැත්තයි. සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා ලෙස දැක්වෙන්නේ එයයි.

දුකට දක්වන අකැමැත්තත් සැපතට දක්වන කැමැත්තත්  සමාන ලෙස මිනිසුන් අතර දක්නට ලැබෙයි. හැම කෙනෙක් ම එක සේ දුක පිළිකුල් කරයි. එක සේ සුවය කැමති වෙයි. මෙසේ දුකට අකමැතිවීම හා සැපතට කැමති වීම අතින් ගත් විට මිනිසුන් අතර භේදයක් නැත. ඒ අතින් සමානතාවක් දක්වති. මිනිසුන් හැම කෙනෙක්ම සර්වප්කාරයෙන් සමානය යන අදහස බෞද්ධ සමානාතමතා සංකල්පය තුළ නැත.

මිනිසුන් තුළ නොබිඳී එක දිගටම පවත්නා ආත්මයක් ඇතැයි යන අදහස බුදුදහම මුළුමනින්ම බැහැර කරයි. වෙනත් බොහෝ ආගමික හා දාර්ශනික විශ්වාස හැම මිනිසකු තුළම සමාන වූ ආත්මයක් ඇත යන අදහස ඉදිරිපත් කරයි. එහෙත් බුදුදහමට අනුව  මිනිසා තමන් (ආත්මය) යනුවෙන් අදහසක් ගොඩ නගාගෙන ඇත්තේ සංකල්පනය තුළිනි. එකිනෙකාට වෙනස් පුද්ගල ප්රභේද කොතෙකුත් බුදුදහමින් පිළිගැනී තිබේ. බුදුන් වහන්සේ තම ධර්මදේශනා ඉදිරිපත් කොට ඇත්තේ ද පුද්ගල වේමත්තතාව (විසමතාව) මත පදනම් වීමෙනි. අභිධර්මයේ එන පුග්ගලපඤ්ඤත්ති නැමති ග්රන්ථයෙහි විවිධ වෙනස්කම් ැති පුද්ගලයන් හඳුන්වා තිබේ.

අනුන්ගේ සුඛදුක්ඛ වෙදනාවන් තමන්ගේ ම සුඛදුක්ඛ වෙදනාවන් හා සාකල්‍යයෙන් සමානයයි වටහා ගැනීමේ මානසිකත්වය බුදුදහමේ සමානාත්මතා සංකල්පය මගින් ඉදිරිපත් වෙයි. මේ නිසා අනුනට දුකක් වෙදනාවක් ඇතිනොවන සේ ක්රියා කරමින් අනුන් සුවපත් කෙරෙන ක්රියාවන්හි නිරත වීමට පෙළඹවීමක් ඇති වෙයි. මෙම තත්වය ධම්මපදයෙන් මනාව පැහැදිළි කොට තිබේ.

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබබෙසං ජීවිතං පියං 

අත්තානං උපමං කත්වා න හනෙය්‍ය නඝාතයෙ

හැමදෙනෙක් ම දඬුවමට බිය වෙති. හැම දෙනෙකුට ම තම ජීවිතය ප්රිය වෙයි. මේ තත්වය තමා හා සමාන කොට අනුන් ට කරන වධබන්ධන වලින් වළකින්නේය.

මේ වූ කලි අනුන්ට දුක් ඇති වන ක්රියාවලින් වැළකී ඔවුන් සුවපත් වන ක්රියාමාර්ගයන්හි නිරතවීමට මිනිසාට බල කෙරෙන විශ්වසාධාරණ ගුණාංගයක් ලෙස බුදුදහම සමානාත්මතාව ඉදිරිපත් කරයි. බුදුදහමේ කුසල අකුසල සංකල්පයන්ගේ පදනම වන්නේද මෙම සමානාත්මතාවමය. අන්න්ගේ හා තමන්ගේ යහපතට හා සැපතට එකසේ ඉවහල් වන ක්රියා කුසල ලෙසින් ද අනුන්ගේ තමන්ගේ දුකට අයහපතට එකසේ බලපාන ක්රියාකාරකම් අකුසල ලෙසින් ද අම්බලට්ඨිකා රාහුලොවාද සූත්රයේදී බුදුන් වහන්සේ විසින් හඳුන්වා දී තිබේ.

බුදුදහම සමානාත්මතා ගුණාංගය විශෙෂයෙන් ඉදිරිපත් කොට ඇත්තේ තමන්ගේ හා අනුන්ගේ සැපදුක් විෂයෙහි සමව පිහිටීම මගින් මුළුමහත් සමාජයකට උදාවිය හැකි උදාර යහපතක් අරමුණු කොට ගත් සමාජ සංදර්භයක් තුළය. හැම කෙනකුම සමානාත්මතාවෙන් බලන්නේ නම් සමාජ ඒකාබද්ධතාව ඉබේම ගොඩ නැගෙයි. සමාජයේ සෑම සාමාජිකයකුටම සමානව උරුම උරුම වියයුතු සමාජ වරප්ප්රසාද තමාගේ සුඛවින්දනයට පමණක් සීමා කරගැනීමට පෙළඹීම බෞද්ධ සමානාත්මතා සංකල්පයට එරෙහි වීමකි.

බුදුමහමේ සමානාත්මතා සංකල්පය ගැන මැතිසබයේදී කෙරුණු මන්ක්රීවරයකුගේ සඳහනකදී බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කොට ඇත්තේ සමානාත්මතාවක් නොව චතුරාර්ය සත්‍යයකැයි යනුවෙන් හැඟවෙන ප්කාශයක් රටේ ජනාධිපතිවරයා විසින් කරනු මෑතකදී අසන්නට ලැබිණ.  මෙම ප්රකාශය තුළ ගැබ් වී තිබුනේ රටේ ජනාධිපතිවරයා සමානාත්මතාව කෙරෙහි දක්වන විරොධී ආකල්පයයි.

බුදුන් වහන්සේ තම පළමු දෙසුමම වෙන් කොට ඇත්තේ චතුසත්‍යය හඳුන්වා දීමට බව පැහැදිළි සත්‍යයකි. එහි විවාදයක් නැත. එහෙත් මේ හඳුන්වා දීමෙන් පැහැදිළි කොට ඇත්තේ කුමක්ද? පළමු සත්‍ය දෙකෙන් දුක හා එය ඇතිවන ආකාරයත් දෙවැනි සත්‍ය දකෙන් සැප හා එය ඇති කර ගන්නා ආකාරයත්ය. තමන් වහන්සේ දේශානා කොට ඇත්තේ දුක හා දුක නැතිකිරීම බව අවස්ථා කිහිපයකදීම අවධාරණය කොට තිබේ. බුද්ධත්වයට පත් සිදුහත් බෝසතුන් තුළ පැවති සමානාත්මතා ගුණය හෙවත් තමන්ගේ හා අනුන්ගේ දුකසැප කෙරෙහි දැක්වූ සංවේදීතාව ම උන්වහන්සේගේ සත්‍යාවබොධයට මග හෙළි කොට තිබේ. ආරියපරියෙසන සූත්රයෙන්  මේ බව මනාව පැහැදිළි වෙයි. මේ සූත්ර දෙශනාවෙන් හෙළි වන්නේ දුකට ප්රතිපක්ෂ සැපත ගැන උන් වහන්සේ සිදු කළ ගවෙෂණයයි (කිං කුසලගවෙසී). එබැවින් උන්වහන්සේ අවබොධ කොට ලොවට පැහැදිළි කළ චතුසත්‍යයේ මූලික පදනම වන්නේ සමානාත්මතා ගුණාංගය බව රහසක් නොවේ.

දුක හා සැප බුදුදහමින් විවරණය වන්නේ ක්ෂෙත්ර දෙකක් තුළය. එකක් සාංසාරික ක්ෂෙත්රයයි. අනෙක සාමාජ ක්ෂෙත්රයයි. සාංසාරික දුක නැති වී ඉන් සුවය අත්පත් වන ආකාරය හේතුඵල දහමට අනුව පැහැදිළි කොට තිබේ. සමාජ දුකට ප්රධාන හේතුව ලෙස බුදුදහමින් හැඳින ඇත්තේ සමානාත්මතාව නොතකා මිනිසා සමාජය තුළ නොමනා ලෙස හැසීරීමයි. මේ දෙයාකාර වූ දුක්ඛ තත්වයන් වළකාගෙන සුවපත් වීම සඳහා මැදුම් පිළිවෙත නමින් සැළකෙන අංග අටකින් සමන්විත අරි අටඟ මග ඉදිරිපත් කොට තිබේ.

එහි පළමු අංගය වන සම්මා දිට්ඨිය ලෙස සැළකෙන්නේ සමානාත්මතාව පිළිගැනීමයි. සැරියුත් හිමියන් සම්මාදිට්ඨියේ ප්රධාන ලක්ෂණයක් ලෙස හඳුන්වා ඇත්තේ කුසලය හා කුසලමූලත් අකුසලය හා අකුසලමූලත් බිළිබඳ පිළිගැනීමයි. කුසල අකුසල සංකල්ප යනු තමාගේ හා අනුන්ගේ සුඛදුක්ඛයන්ට හේතු වන දේ බව මුලදී හඳුනා ගතිමු. සමානාත්මතාව යනු තමන්ගේ හා අනුන්ගේ සුඛදුක්ඛයන් පිළි ධරිමයබඳ සංවෙදිතාව ලෙස පිළිගන්නා විට එහිදී සිදු වන මානසික අභිප්රෙරණයන් අරිඅටඟ මගේ දෙවැනි අංගය වන සම්මා සංකල්ප වලින් ඉස්මතු වෙයි. එබඳු සංකල්ප තුනකි. නෙක්ඛම්ම, අව්‍යාපාද හා අවිහිංසා යනුවෙන් ඒවා හැඳින්වී ඇත. නෙක්ඛම්ම යනු අභිජ්ඣා හෙවත් දැඩිලෝභයට විරුද්ධ ධර්මතාවයි. එයින් දානය හෙවත් පරිත්‍යාගය අර්ථවත් වෙයි. 

අව්‍යාපාද යනු දැඩි තරහෙන් හෙවත් ක්රොධයෙන් ඉවත් විමයි. එය මිත්රශීලිත්වයයි. අවිහිංසා යන්නෙන් කිසිවකුට හිංසාපීඩා නොකිරීම පමණක් නොව අනුන්ගේ යහපත බලාපොරොත්තු වීම ද අපේක්ෂා කෙරෙයි. මෙසේ සමානාත්මතාව පදනම් මානසිකත්වය සම්මාවාචා හා සම්මාකම්මන්ත යන අංග දෙක තුළින් ක්රියාත්මක බවට පත් වෙයි. එයින් සිදුවන්නේ පුද්ගලයා සියලු වාචසික හා කායික දුසිරිත් වලින් ඉවත්වීමයි. මේ අනුව බලන විට බුදුදහමේ සමානාත්මතා ධර්මය කෙතරම් මහජන යහපතට හේතුවන අර්ථථසම්පන්න සංකල්පයක්දැයි පැහැදිළි වෙයි.

ජනතාවගේ දුකට හේතුවන, සැපතට බාධා කෙරෙන සමාජව්‍යසනයන් ඉවත් කර ගැනීම සමානාත්මතාවේ උපයොගිතාවයි. සමානාත්මතාව ක්රියාත්මක වන් සමාජය තුළ අප දකින්නේ සමාජසාධාරණත්වයයි. සමානාත්මතාව හා සමාජසාධාරණත්වය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි ගුණාංග දෙකකි. සමාජවරප්පරසාද සමස්ත සමාජයේම පොදු උරුමයකි. එබැවින් ඒවා සාධාරණව සෑම සාමාජිකයකු කෙරෙහිම සමසේ බෙදී යායුතුය. සමාජසාධාරණත්වයට යෙදෙන වෙනත් නමක් වනුයේ අපක්ෂපාතිත්වයයි. ඡන්ද දොස,  භය හා මොහ යන මානසිකත්වයන්ට යටත්ව ක්රියා කිරීම පක්ෂපාතී වීමයි.

සමාජයක් මෙහෙයවනු ලබන්නේ තනි තනි පුද්ගලයන් විසින් නොවේ. සමාජය සංවිධානාත්මකව නියාමනය කළහැකි පුද්ගලයකු හෝ පිරිසක් පත් කරගනු ලැබෙයි. රජය යනුවෙන් ගැනෙන්නේ ඒ් පුද්ගලයා හෝ පිරිස විසින් සමාජය මෙහෙයවනු සඳහා පිහිටුවා ගනු ලබන පාලන තන්ත්රයයි. සමාජසාධාරණත්වය ඉටු කිරීමේ වගකීම පැවරෙන්නේ එම පාලන තන්තරයටය. ආගම්, ජාති, කුල, දුප්පත් පොහොසත් වශයෙන් එන සමාජ භේදයන් නොතකා කිසිදු පක්ෂයකට සමාජ වරප්පරසාද අඩු වැඩි නොකොට සැමට සමසේ බෙදී යාමට සැළසේ නම් සමාජ සාධාරණත්වය ඉටු වෙයි. එබඳු සමාජයක ජනතාව ඒකාබද්ධය. සමගි සම්පන්නය. ප්රීතිමත්ය. ඔවුහු එක්ව සමාජ ප්රගතිය උදෙසා උද්යෝගයෙන් ක්රියා කරති. සමාජසාධාරණත්වය තුළ නීතියේ ආධිපත්‍යය ද සුරැකෙයි. කාටත් පොදුවේ උසස්පහත්කම් නොතකා කවුරුත් නීතියට යටත් කිරීම තුළින් සිදු වන්නේ සමාජ අසාධාරණත්වය සඳහා පෙළඹෙන්නන් එයින වළක්වාලීමයි.

සමාජ සන්දර් භය තුළ සමානාත්මතාව ක්රියාත්මක වීම බුදුදහමින් අපේක්ෂා කෙරෙන්නේ මූලික වශයෙන් පාලන තන්ත්රයේ තිරසාර සිද්ධාන්තයක් වශයෙනි. ඒ්මගින් සමාජව්‍යසනයන් මගින් ඇති කෙරෙන සමාජගත දුක්ඛදෝමනස්සයන් නිවාරණය කළ හැකි බැවිනි. එහිදී පාලන අධිකාරිය තුළ මෙම මූලධර්මය පිළිබිඹු වීම අත්‍යවශ්‍යය. රාජ්‍යපාලකයා ධර්මය ගරු කරන්නකු විය යුතුයයි (ධම්මං ගරුකරොන්තො) බුදුදහම අවදාරණය කරන්නේ එබැවැනි.  මෙහිදී ධර් මය යනුවෙන් අදහස් කරන්නේ සමානාත්මතාව මත පිහිටා සිදුකරනු ලබන සමාජසාධාරණ ක්රියාවලියයි. අගතිමත පිහිටා පක්ෂපාතීව ක්රියාකරමින් සමාජසාධාරණත්වය බිඳ හෙළන්නා ධර්මයට පිටුපාන්නකු ලෙස සිගාලොවාද සූත්රයෙන් පැවසෙයි.

 

The post බුදුදහමින් දැක්වෙන සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය appeared first on Colombo Telegraph.

You may also like

- adaderana.lk

A brazen intruder was captured walking across a jet bridge and onto a busy tarmac before he tried to board a nearby plane at an Australian airport.

- adaderana.lk

The Secretary to the Ministry of Finance Mahinda Siriwardene has been granted a service extension of one year.

- adaderana.lk

Steps are being taken to increase the interest rate of the Employees Provident Fund (EPF) from the existing 9% to 13% with effect from 2023, State Minister of Finance Ranjith Siyambalapitiya said.

- adaderana.lk

Pro-Palestinian protesters were arrested on a handful of U.S. university campuses on Saturday, as activists vowed to keep up the movement seeking a ceasefire in Israel s war with Hamas among other demands.

- adaderana.lk

The Department of Meteorology says that the Intertropical Convergence Zone, where winds from the Northern Hemisphere and Southern Hemisphere converge, is affecting the island s weather conditions.

- island.lk

Zimbabwe and Sri Lanka registered comfortable wins in matches seven and eight of the ICC Women’s T20 World Cup Qualifier in Abu Dhabi under the Tolerance Oval and Zayed Cricket Stadium lights on Saturday. Zimbabwe bounced back from a disappointing loss to Vanuatu on Thursday by registering a comfortable, eight-wicket win over the United Arab […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc