මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි

- srilankacricket.lk

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 10 වැනි තරගය ලෙසින් ජැෆ්නා කිංග්ස්ට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 6 ක පරාජයක් කලම්බු ස්ටාර්ස් පිල අද (12 දා) රාත්‍රියේ අත්වින්දේය. මූලික තරග වටය යටතේ කලම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස් පිල හමුවේ ලද දෙවැනි තරග පරාජය ලෙසින්ද මෙය සනිටුහන් විය.

පළමුව පන්දුවට පහර දෙමින් ජැෆ්නා කිංග්ස් පිල ලබා දුන් ලකුණු 179 ක ඉලක්කය හඹා යෑමේදී ආරම්භක පිතිකරුවන් යුගල නරඹන්නන් බවට පත්වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 05 ක්ව සටහන්ව තිබියදීය.

ඉක්මනින් කඩුලු දැවී යෑම නිසා තව තවත් ග්‍රහණය තර කළ ජැෆ්නා පන්දු යවන්නෝ මුලු ලකුණු සංඛ්‍යාව 37 ක් වන විට ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම දවා ගත්හ. ඒ අතර දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක ද පසුවිය.

පෙර තරග වලදී ඉනිම ආරම්භ කළ ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේදී යළිත් සිය සුපුරුදු අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණීම කැපී පෙනිණ. ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් සේවයක් සිදු නොවුණද තමන්ට සුපුරුදු පිතිකරණ රටාවට හෙවත් තරගය අවසානය තෙක් ඇද ගෙන යෑමේ කාර්යය නිරත වුණු මැතිව්ස් ලකුණු 100 කට වඩා අඩුවෙන් දැවී යෑමේ අවධානමෙන් තිබූ කලම්බු ස්ටාර්ස් ඉනිමට, ජයග්‍රාහී බලාපොරොත්තු දැල්වීමට තරම් සමත්වූවේය.

කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස ඩොමිනික් ඩ්‍රේක්ස් දැවී යන විටත් ලකුණු පුවරුව 13 වැනි පන්දුවාරයේදී දිස් වූයේ කඩුලු 7 කට ලකුණ 67 ක් ලෙසිනි. විටෙක ලකුණු 100 අවධානම් වූ මෙම තරගයේදී හොවෙල් සමග එක්වූ මැතිව්ස් 8 වැනි කඩුල්ලට ලකුණු 90 ක් එක් කළේ, එතෙක් වේලා ජැෆ්නා පිල සතුව තිබූ වැඩි වාසි දෙපිළ වෙතම ගෙන එමිනි. පන්දු 41 ක් පමණක් වැය කළ එම සම්බන්ධතාවයේදී හොවෙල්ගේ දායකත්වය පන්දු 20 කදී ලකුණු 43 කිනි.

මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට අවසන් පන්දුවාරයේදී ඉක්කය ලකුනු 22 ක් බවට පත් වූ අතර පළමු පන්දුවෙන්ම හොවෙල් දැවී යෑම දැඩි පාඩුවක් ගෙන දුන්නේය. අනතුරුව පැමිණි පිතිකරුට එක් පන්දුවකට ක්‍රීඩා කිරීමට සිදුවීමද තවත් පාඩුවක් විය. කෙසේ වෙතත් ලකුණකින් පැති මාරු කිරීමෙන් අනතුරුව අවසන් පන්දුවාරය යැවූ ජේම්ස් ෆුලර්ගේ තෙවැනි සහ සිව්වැනි පන්දු 2 ට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ මැතිව්ස්, මොහොතකට ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව සළිත කළේය. අවසන් පන්දුවට තරගය සම කර ගැනීමට ලකුණු 6 ක් අවශ්‍ය වුවත්, මැතිව්ස්ට පෙර ෆුලර් ජය ගත්තේය. තරගය නිමා වන විට මැතිවිස් ලකුණු 73 ක් ලබා සිටියේ පන්දු 39 කට පමණක් මුහුණ දෙමිනි. ඊට එල්ල කරන ලද හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්ව තිබීණ.

තීරණාත්මක කඩුල්ලක් වුණු හොවෙල්ගේ කඩුල්ලත් නවෝද්ගේ කඩුල්ලත් දවා ගත් ජේම්ස් ෆුලර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔශුගේ  පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 4 කදී ලකුණු 32 කට කඩුලු 2 ක් ලෙසිනි.

නිමාවට පත් වුණු අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුනු 1000 සීමාව පසු කරමින් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ අවධානය දිනා ගත් නිශාන් මදුශ්ක අද තරගයේදී කලම්බු පිල වෙනුවෙන් ක්‍රීඩා කළත් එම ඉනිම එක් ලකුණකට සීමා විය. තිසර පෙරේරාගේ දෝලනයෙන් යුතු පන්දු යැවීම හමුවේ අසීරුවෙන් මුහුණ දුන් දික්වැල්ල ලකුනු නොලබාම දැවී ගියේ මැද පෙළට වැඩි වගකීමක් පටවමිනි.

අවසන් පන්දු 42 න් ලකුණු 86 ක් උදුරා ගැනීමට, ෂොයෙබ් මලික්, සදීර සමරවික්‍රම සහ තිසර පෙරේරා සමත්වීම නිසා ලකුණු 179 ක ඉලක්කයක් කලම්බු ස්ටාර්ස් පිල හමුවේ ලබා දීමට ජැෆ්නා කිංග්ස් පිලට හැකිවිය.

කලම්බු ස්ටාර්ස් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට රාමනුල්ලා ගුර්බාස් (17) තම රටේම පන්දු යවන්නා වූ ප්‍රතිවාදී පිලේ නවීන් උල්හක්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. එතැන් පටන් අවිශ්කට එක්වූ අශාන් රන්දික දෙවැනි කඩුල්ල සඳහා පන්දු 28 කදී ලකුණු 39 ක් එක් කරමින් 8 වැනි පන්දුවාරය අවසන් වන විටත් පන්දුවාරයකට ලකුණු 9 ක දල වේගයක් රදවා ගනිමින් පන්දුවට පහර දීමට සමත්වූහ.

ඩොමිනික් ඩ්‍රේක්ස් දැඩි ප්‍රහාරයකට ලක් කළ අශාන් රන්දික හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 14 කදී වේගවත් ලකුණු 27 ක් ලබා ගනිමින් ජැෆ්නා බලාපොරොත්තු ඉහළ දැමූ නමුත්,
ලකුණු 9 ක් ඇතුළත රන්දිකත්, අවිශ්කත් දැවී යෑම නිසා එතෙක් පවත්වාගෙන ආ ලකුණු ලබා කැනීමේ වේගයට දැඩි බලපෑමක් එල්ල විය. නවීන් උල්හක්ගේ මැදිහත්වීමෙන් රන්දික දැවී යද්දී බෙනී හොවෙල් විසින් අවිශ්කව දවා ගත්තේය. එල්.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවට පත්ව සිටින අවිශ්ක අද දිනයේදී එය 764 දක්වා ඉහළ දමා ගත්තේය. එම කඩුලු දවා ගැනීමත් සමග තරගයේ පාලනය අතට ගත් කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නෝ 13 වැනි පන්දුවාරය දක්වා යැවූ පන්දු 30 න් ලබා දුන්නේ ලකුණු 20 ක් පමණි. කඩුලු දෙකක් එක ලඟ වැටීම නිසා තරමක් සංයමයකට නතු වූ සදීර සමරවික්‍රම සහ ෂොයෙබ් මලික් 14 වැනි පන්දුවාරයේ සිට ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් වැඩි කිරීමට උත්සාහ කළහ. 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට සදීර දැවී යනවිට සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 39 කදී ලකුණු 57 ක් විය. අනතුරුව පිටියට පිවිසි නායක තිසර පෙරේරා පිටිය සිසාරා පහර එල්ල කරමින් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක්සමඟින් වේගවත් ලකුණු 29 ක් රැස් කරමින් ජැෆ්නා ලකුණු පුවරුව ලකුනු 175 සීමාවෙන් එපිටට රැගෙන ගියේය.

The post <strong>මැතිව්ස්ගේ උත්සාහය අපතේ යයි</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

Minister of Tourism Harin Fernando says that President Ranil Wickremesinghe has appointed a committee to look into the preparation of the national visa policy.

- island.lk

Advisory for high waves. issued by the Natural Hazards Early Warning Centre at 10.00 a.m. 03 May 2024 for the period from 05.00 a.m. 04 May 2024 to 05.00 a.m. 05 May 2024. A warning has been issued that the swell waves (about 2.5 m – 3.0 m) height (This is not for land area) […]

- adaderana.lk

Former President Maithripala Sirisena has appeared before the Criminal Investigations Department in order to record a statement today (03).

- island.lk

China has launched a probe to collect samples from the far side of the Moon, in what is being billed a world first. An unmanned rocket carrying the Chang’e-6 probe blasted off from the Wenchang Space Launch Center at about 17:27 local time (10:27 BST). The 53-day mission aims to bring around two kilograms of […]

- adaderana.lk

The Department of Meteorology has issued an advisory for high waves for the sea areas extending from Kalpitiya to Pottuvil via Colombo, Galle and Hambantota for the period from 05.00 a.m. tomorrow (04 May) to 05.00 a.m. the following day.

- adaderana.lk

At least 33 individuals including schoolchildren have been injured and hospitalised following a head-on collision involving a Sisu Sariya bus and a bus belonging to the Sri Lanka Transport Board (SLTB) near the E.C.C. Junction in Ampara.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc