How can Sri Lankan charities find international donors and partners?

පිට පිටම දෙවැනි වරටත් ජැෆ්නා පරාජය කළ කැන්ඩි ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට

- srilankacricket.lk

Chamila Karawita reporting from Pallekele

ෆේබියන් ඇලන්ගේ තුන් ඉරියව් දක්ෂතාත්, කාලෝස් බ්‍රැත්වයිට් සහ වනිඳු හසරංග එක්ව කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීමත් ප්‍රධාන කොට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක යක් වාර්තා කිරීමට කැන්ඩි ෆෑල්කන්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථීරවම පෙරමුණ ගැනීමට ද කැන්ඩි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

කණ්ඩායම වැටී සිටින අවස්ථාවේදී පිත්ත අතට ගත් ෆේබියන් ඇලන්, පන්දු 23 කදී ලකුණු 47 ක්ද පන්දු යවමින්, තීරණාත්මක පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ලත් දවා ගනිමින් තරග ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්වූවේය. එ් නිසාම ඔහුට මෙම තරගයේ වීරයා සම්මානයද හිමිවූවේය.

ලකුණු 161 ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ෆැල්කන්ස් පන්දු යවන්නන්ගේ පන්දු යැවම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

ලකුණ 161 ක ඉලක්කයක් යනු පල්ලලකැලේ තණතීරුවේදී එතරම් අභියෝගයක් නොවුණද කිසිදු අතපසුවීමක් නොකිරීමට කැන්ඩි පන්දු යවන්නෝ වග බලා ගත්හ. එහිදී දෙවැනි පන්දුවාරය වන විට ගුර්බාස්ව සහ ධනංජය ද සිල්වාව දවා ගැනීමට උදාන සහ බ්‍රැත්වයිට් සමත්වූහ. තෙවැනි කඩුල්ලට එක් වුණු අවිශ්ක (33) සහ සහ සදීර සමරවික්‍රම ලකුණු 58 ක් රැස් කළ නමුත් මැද පෙළ පිතිකරුවන්ගේ දායකත්වය අහිමිවීම මත තරගය සම්පූර්ණයෙන්ම කණ පිට හැරිණ. ෂොයෙබ් මලික් (08), තිසර පෙරේරා (02) සහ දුනිත් වෙල්ලාලගේ (01) අඩඩු ලකුණු වල දැවී යෑමත් හොඳින් පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම පෙරළා ලබා දුන් උඩ පන්දුව වනිඳු හසරංග රැක ගැනීමත් සමඟ ජැෆ්නා කිංග්ස් පිල බිඳ වැටිණ.

යළිත් වරක් සාර්ථක පන්දු යැවීමක නිරත වුණු කාලෝස් බ්‍රැත්වයිට් ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගනිද්දී වනිඳු  හසරංග ලකුණු 21 කට කඩුලු 2 ක් දවා දැවී ගිය කඩුලු 9 න් 6 කට හිමිකම් කීහ. මෙම කඩුලු 4 දවා ගැනීමත් සමග බ්‍රැත්වයිට් මෙවර තරග වාරයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව තරග 6 කදී 15 ක් දක්වා ඉහළට රැගෙන යෑමටද සමත්වූවේය.

කාසියේ වාසියත් සමග පළමුව පිති ප්‍රහාරයත් දියත් කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට පැතුම් සහ ෆ්ලෙචර් සමත් වූ අතර පවර් ප්ලේ අවස්ථාව වන විටත් කඩුල්ලකට ලකුණු 42 ක් රැස් කර ගැනීමට කැන්ඩි පිල සමත්ව සිටියේය.

එහෙත් දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දුව දඟ කවමින් පන්දු යැවීම නිසා ෆැල්කන් ඉනිමේ මැද භාගයේ අසීරුවකට මුහුණ දුන්නේය. එහි භයානකම පැතිකඩ වූයේ පිට පිට පන්දු දෙකකදී ෆ්ලෙචර් (35) සහ කාලෝස් බ්‍රැත්වයිට් (0) දැවී යෑමය. ෆැල්කන්ස් පිතිකරුවන්ට වෙල්ලාලගේ කෙතරම් තදින් පන්දු යැව්වේද කිවහොත් ඔහුගේ පන්දුවාර 4 දී ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ ලකුණු 07 ක් පමණි. කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් 19 හැවිරිදි පන්දු යවන්නාගේ දක්ෂතාවය මෙවර තරග වාරයේ පන්දු යවන්නකු විසින් ලබා දුන් අවම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.

එහෙත් අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණී ෆේබියන් ඇලන් කැන්ඩි ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්වූවේය. ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවක් හමුවේ නායක වනිඳු හසරංග දැවී යන විට කැන්ඩි ලකුණු පුවරුව 14 වැනි පන්දුවාරයේ සටහන් වූයේ ලකුණු 79 කට කඩුලු 6 ක් වශයෙනි. එම දැවී යෑමෙන් පසු අෂේන් බණ්ඩාර එකතු වූ ඇලන්, පන්දු 21 කදී ලකුණු 40 ක් එක් කළහ. දැවැන්ත හයේ පහර 4 ක් සහ තවත් හතරේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට ඇලන්, පන්දු 23 කදී ලකුණු 47 ක් ලබා ගත්තේය. ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවක් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීම නිසා ඇලන් දැවී යෑමට පෙර චාමික කරුණාරත්න සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී වේගවත් ලකුණු 32 ක් රැස් කළහ. ඇලන් මෙන්ම වේගවත් පිතිහරඹයක නියැළුණු චාමික අවසන් පන්දුවේදීද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් කැන්ඩි ලකුණු පුවරුව ලකුනු 160 ක් දක්වා ඉහළ දැමුවේය. පන්දු 9 කට මුහුණ දුන් චාමික හයේ පහර 2 ක්ද සමඟින් ලකුණු 18 ක් ලබා සිටියේ සිය කඩුල්ලද ආරක්ෂා කර ගනිමිනි.

The post <strong>පිට පිටම දෙවැනි වරටත් ජැෆ්නා පරාජය කළ කැන්ඩි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

Minister of Tourism Harin Fernando says that President Ranil Wickremesinghe has appointed a committee to look into the preparation of the national visa policy.

- island.lk

Advisory for high waves. issued by the Natural Hazards Early Warning Centre at 10.00 a.m. 03 May 2024 for the period from 05.00 a.m. 04 May 2024 to 05.00 a.m. 05 May 2024. A warning has been issued that the swell waves (about 2.5 m – 3.0 m) height (This is not for land area) […]

- adaderana.lk

Former President Maithripala Sirisena has appeared before the Criminal Investigations Department in order to record a statement today (03).

- island.lk

China has launched a probe to collect samples from the far side of the Moon, in what is being billed a world first. An unmanned rocket carrying the Chang’e-6 probe blasted off from the Wenchang Space Launch Center at about 17:27 local time (10:27 BST). The 53-day mission aims to bring around two kilograms of […]

- adaderana.lk

The Department of Meteorology has issued an advisory for high waves for the sea areas extending from Kalpitiya to Pottuvil via Colombo, Galle and Hambantota for the period from 05.00 a.m. tomorrow (04 May) to 05.00 a.m. the following day.

- adaderana.lk

At least 33 individuals including schoolchildren have been injured and hospitalised following a head-on collision involving a Sisu Sariya bus and a bus belonging to the Sri Lanka Transport Board (SLTB) near the E.C.C. Junction in Ampara.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc