ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර මගී යාත්රා සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර
ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් ශ්‍රී පූනෙත් අග්‍රවාල් මහතා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවා.
නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණා.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර මගී යාත්රා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ මේ වනවිටත් එකඟතාවකට පැමිණ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය කඩිනමින් ආරම්භ කරන බව ප්‍රකාශ කළා.
ඒ සදහා ඉන්දීය රජයේ සහාය අවශ්‍ය බවයි ඒ මහතා කියාසිටියේ. පලාලි ගුවන් තොටුපලෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග චෙන්නායි සහ යාපනය අතර වැඩි ගුවන් වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
The post ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර මගී යාත්රා සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර appeared first on ITN News.