LPL අවසන් සිව්දෙනාගේ සටන නොමිලේ නැරඹීමට අවස්ථාව
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරග වලදී ‘සී’ සහ ‘ඩී’ පහළ ප්‍රේක්ෂකාගාර නොමිලේ තරග නැරඹීම විවෘතව තැබෙනු ඇත.
මෙහිදී පිවිසුම් අංක 06 හරහා සී සහ ඩී යන කුටිවලට ඇතුළුවිය හැකි වන අතර එය ප.ව. 1.00 සිට විවෘතව තැබෙනු ඇත. මේ අතර සී සහ ඩී ඉහළ මහළ සඳහා රු. 300 ක මුදලක්ද, ඒ සහ බී. පහළ සදහා රුපියල් 500 ක්ද, ඉහළ සදහා රු. 750 ක්ද අය කරනු ලැබේ. මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ටෑන්ස් ප්‍රවේශ පත්‍ර රු. 1500 ක මුදලකට අලෙවි කෙරෙනු ඇත.
The post <strong>LPL </strong><strong>අවසන් සිව්දෙනාගේ සටන නොමිලේ නැරඹීමට අවස්ථාව</strong> appeared first on Sri Lanka Cricket.