ඇමෙරිකාවෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්යාගයක්
ඇමෙරිකාවේ හාට් ටු හාට් ජාත්‍යන්තර ආයතනයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන හතයි දශම දෙකක් වටිනා තවත් ඖෂධ පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ තුන්වන වරටයි මෙම ආයතනය මෙසේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත වෛද්‍යාධාර ලබා දෙන්නේ.
මේ වන විට අදාළ ඖෂධ තොගය ශ්‍රී ලංකාවට එවීම සදහා රජයේ සියලු අනුමැතිය ලබා ගෙන ඇති බවයි මහින්ද සමරසිංහ මහතා පවසන්නේ. මෙම ආධාර තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.7ක් පමණ වනවා.
අධි රුදිර පීඩන සහ අනෙකුත් හෘද රෝගවලට ප්‍රතිකාර කිරීම සදහා වු හදිසි ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලුත් බවයි වාර්තා වන්නේ. අවපීඩනය භින්නෝඋන්මාදය , බයිපෝල අක්‍රමිතතාව වැනි ඇතැම් මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර සදහා වු ඖෂධ ද මීට ඇතුලත්.
මෙම තීරණාත්මක අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන පරිත්‍යාගශිලි භාවයට හාට් ටු හාට් ජාත්‍යන්තර ආයතනයට තමන් කෘතඥ වන බවයි මහින්ද සමරසිංහ මහතා සදහන් කලේ.
ශ්‍රී ලංකාවට කිසිදු වියදමකින් තොරව ජනතාව වෙත කඩිනමින් බේදා හැරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ පරිත්‍යාග බාර ගන්නා බවයි සමරසිංහ මහතා සදහන් කලේ. ළුා
The post ඇමෙරිකාවෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්යාගයක් appeared first on ITN News.