මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ පුත්රයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙක්සිකෝව නොසන්සුන්
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්චාපෝ ගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙක්සිකෝවේ ගැටුම් ඇතිවී තිබෙනවා.
එල්චාපෝ හැදින්වෙන්නේ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු ලෙසයි. එල්චාපෝ මේ වන විට මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු ජීවිතාන්තය දක්වා ඇමෙරිකාවේ සිරදඬුවම් විදිමින් සිටිනවා. මෙක්සිකෝවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්චාපෝ පුත්‍රයෙකු වන ගුස්මාන් ලෝපේස් නමැත්තායි. ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගත් පසු ඔහුට සහාය පළකරන පාතාල කල්ලි රටපුරා බස් රථ ගිනි තියමින් මාර්ග අවහිර කරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඇතිවූ ගැටුම්වලින් මේ වන විට ආරක්ෂක අංශයේ තුන්දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව ගුවන්යානාවලට වෙඩි තැබීම් නිසා සිනලෝවා ප්‍රාන්තයේ ගුවන්තොටුපොල තුනක ගුවන් ගමන් 100ක් අවලංගු කොට තිබෙනවා. මෙක්සිකෝවේ ආරක්ෂක අංශ 2019 දීත් ගුස්මාන් ලෝපේස්ව අත්අඩංගුවට ගත් නමුත් අනතුරුව නිදහස් කොට තිබෙනවා.
The post මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ පුත්රයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙක්සිකෝව නොසන්සුන් appeared first on ITN News.