ජලනල නීතිවිරෝධීව භාවිත කළ පොළොන්නරුව ප්රාදේශීය ඉංජිනේරුවරයා අත්අඩංගුවට
පොළොන්නරුව ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් දෙලක්ෂ පනස් එක්දහස් හත්සිය හැට හතක් වටිනා ජලනල නීතිවිරෝධීව භාවිත කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප්රාදේශීය ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගැනුණා.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා ජිනාදරී දසනායක මහත්මිය නියෝග කළේ.
බකමූණ ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන යන ගොවිපොලකට ජලය ලබා ගැනීම සදහා ජල සම්පාදන මණ්ඩලයට අයත් ජලනල උපාංග භාවිත කර ඇති බව හෙළිවුණා. කෙටි කළක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
The post ජලනල නීතිවිරෝධීව භාවිත කළ පොළොන්නරුව ප්රාදේශීය ඉංජිනේරුවරයා අත්අඩංගුවට appeared first on ITN News.