මහින්ද සහ ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් තහනමක්
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බව සඳහන් කරමින් හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබෙනවා.
ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව ඔවුන්ට කැනඩාව තුළ ඇති වත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන අතර ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
එසේම කැනඩාව සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ට තහනම් වෙයි.
කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියත් ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත් එම නිසාවෙන් මෙසේ සම්බාධක පනවන බවත් එම නිවේදනයේ දැක්වේ.
News release : Canadian Foreign Ministry
Canada imposes sanctions on Sri Lankan state officials for human rights violations
The post මහින්ද සහ ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් තහනමක් appeared first on ITN News.