ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති නීතිඥ කෞෂල්ය නවරත්න
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ කෞෂල්ය නවරත්න මහතා තේරී පත්වී සිටිනවා.
සංගමයේ ලේකම් ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා පත්වුණා. ඔවුන් දෙදෙනොම මෙම තනතුරු සඳහා පත්වුණේ නිතරඟයෙන්.
2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
නීතිඥ කෞෂල්ය නවරත්න සංගමයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදුන් අතර නීතිඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාම යෝජනා භාරදී තිබෙනවා. නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන් වුණා.
ඒ වනවිටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වූ වහාම එම අපේක්ෂකයින් දෙදෙනා නිතරඟයෙන් අදාළ තනතුරු සඳහා තේරී පත්වු බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ.
The post ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති නීතිඥ කෞෂල්ය නවරත්න appeared first on ITN News.