බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයකට 127000 ක ආධාරයක්
2023 යල කන්නයේ බඩඉරිගු වගා කරන ගොවීන්ට අක්කරයකට රුපියල් එක්ලක්ෂ විසිදහසක ආධාරයක් ලබාදීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන තීරණය කර තිබෙනවා.
මෙම වසරේ පළමු වගා කන්නය වූ යල කන්නයේ බඩඉරිගු වගා කරන ගොවීන් සදහා අක්කරයකට රුපියල් එක්ලක්ෂ විසිදහසක මෙම ආධාරය ලබා දෙන්නේ වගාකටයුතු සදහා දිරිගැන්වීමක් ලෙසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන මෙම මූල්‍යාධාර ලබාදීම සිදු කරනවා. එම මුදල් ආධාරය රසායනික පොහොර මිලදී ගැනීම, බිම් සැකසීම හා බඩඉරිගු බීජ මිලදී ගැනීම සදහා යෙදවීමට කටයුතු කරනු ඇති.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සමග යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සංවිධානය කිරීම පිළිබද පැවැත්වූ සාකච්ඡාවේදී මේ පිළිබද කරුණු හෙළි කෙරුණා.
වී වගාවට අමතරව, බඩඉරිගු, තල, කුරක්කන්, මුං ඇට, කව්පි, උදු හා මිරිස් වැනි අතුරු බෝග වගාවන්ට ගොවීන් උනන්දු කරවීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
මෙවර යල කන්නයේදී හෙක්ටාර තිස් දහසක බඩඉරිගු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අවශ්‍ය විධිවිධාන යොදා තිබෙනවා.
මහ කන්නයේ හෙක්ටාර හැටඅට දහසක බඩඉරිගු වගා කර ඇති අතර එමගින් මෙට්‍රික්ටොන් දෙලක්ෂ අසූදහසක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතයි.
The post බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයකට 127000 ක ආධාරයක් appeared first on ITN News.