හොරණ ව්යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
හොරණ කුඹුක ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු කළ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇති බවයි පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ. ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු බවයි හෙළි වී ඇත්තේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විටත් සැත්කමකට භාජනය කර හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී නිවසක පිදුරු ගොඩක සඟවා තිබූ ගිවි අවිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබුණා.
The post හොරණ ව්යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.