ප්රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකුව තීරණය කරයි
ප්‍රතිපත්ති පොලී අනුපාතික (නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය SDFR සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය -SLFR) තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පසුකම් අනුපාතිකය 14.50% ක් ලෙසත්. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ක් ලෙසත් පවත්වාගෙන යාමටයි මහබැංකුව තීරණය කර ඇත්තේ.
ඊයේ (24) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික පෙරමුණුවල මෑතකාලීන හා අපේක්ෂිත වර්ධනයන් සහ ප්‍රක්ෂේපණයන් සැලකිල්ලට ගත් මණ්ඩලය, උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස තදින් පවතින බව සහතික කිරීම සඳහා පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අදහස විය.
සම්පූර්ණ වාර්ථාව පහතින් :
The post ප්රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකුව තීරණය කරයි appeared first on ITN News.