කටුනායක ගුවන්තොට දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ජපානයේ සහාය අඛණ්ඩව
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසනවා.
ජපන් තානාපතිවරයා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළකර සිටියා.
ජපන් රජයේ මැචදිහත්වීමෙන් ජයිකා ආයතනය කටුනායක ගුවන් තොටුපලේ දෙවන අදියරේ ඉදිකිරීම් සිදුකරනවා.
අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ එය වෙනත් පාර්ශ්වයකට ලබාදීමට අපේක්ෂා නොකරන බවයි.
The post කටුනායක ගුවන්තොට දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ජපානයේ සහාය අඛණ්ඩව appeared first on ITN News.