ඇමතිවරයෙකුටත් නැති කොළඹ නගරාධිපති සුපිරි නිල නිවසේ මීළඟ හිමිකරු කවුද?
කොළඹ 07, ශ්රීමත් මාකස් ප්රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්රදේශයක කොළඹ නගරාධිපති නිල නිවස පිහිටා ඇත.මහජන දේපළක් වන මෙහි වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව කොළඹ නගර සභාවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු අප සමඟ සඳහන් කළේය.නිදන කාමර,සාකච්ඡා ශාලා, උද්යාන මෙන්ම වෙනම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද ඊට ඇතුළත්ය.