එංගලන්ත ලයන්ස් පිල ලකුණු 331 කින් පෙරට
Chamila Karawita reporting from Galle
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 136 ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467 ක දැවැන්ත ඉනිමක් අද (01 දා) ගොඩනැංවූහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කිරීමට පෙර ලයන්ස් කණ්ඩායම ලකුණු 331 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන සිටියහ.
දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු 7 කට ලකුනු 394 ක් ලබා සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම දිවා ආහාරයෙන් පසුවත් හෝරාවකට වැඩි කාලයක් පන්දුවට පහර දුන්නේය. එම කාල සීමාවේදීද ඉවත් බවක් නොමැතිව වේගයෙන් පන්දුවට පහර දුන් ලයන්ස් පිතිකරුවන් අතරින් මැතිව් ෆිෂර් පන්දු 46 කදී වේගවත් ලකුනු 53 ක් රැස් කරමින් පසු පෙළ ශක්තිමත් කළේය. ඒ හැරුනු විට ලියම් පැටර්සන් ලකුණු 41 ක් ලබා ගනිද්දී අම්ෂි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.
පළමු දිනයේ පරිදිම කිසිදු පැකිළීමකින් තොරව පහරවල් කරා ගිය ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් අද දිනයේදී ටොම් හේන්ස් ශතකයක් රැස් කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිත්ත හැසිරවූ වමත් පිතිකරුවා ලකුණු 118 ක් ලබා සිටියදී ලක්ෂිත මානසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගියේ නිශාන් මදුශ්ක උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. හතරේ පහර 12 ක් සහ හයේ පහරකින් හේන්ස්ගේ ඉනිම සමන්විත විය.
ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 113 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ ලයන්ස් පිල දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 28 දී රැස් කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 145 ක් විය. එය පන්දුවාරයකට ලබාගත් ලකුණු වේගය සංසන්දනය කිරීමේදී 5.18 ක තරම් වේගයක් ඇතළත්ව තිබිණ.


The post <strong>එංගලන්ත ලයන්ස් පිල ලකුණු 331 කින් පෙරට</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.