පෙට්රල් ලීටරයක් රු. 30 කින් උස්සයි
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළා.
ඒ අනුව රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 400 ක් බවට පත්වන බවයි ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවයි ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා.
The post පෙට්රල් ලීටරයක් රු. 30 කින් උස්සයි appeared first on ITN News.