වත්මන් ආර්ථික විද්යා පුරෝකථනයන් නිවැරදිද?

- colombotelegraph.com

ජයශ්‍රී ප්‍රියලාල්

ජයශ්‍රී ප්‍රියලාල්

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින් සොයා ගැනීමට වෙර දරන සමයක ආර්ථික විද්‍යාව සහ ආර්ථික පුරෝකථනයන් අතර පවතින සබැදියාවන් වර්තමානයට බලපෑම් කර ඇති ආකාරය කුමක්ද යන්න ගැන සාකච්ඡාවක් සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමි.

Economics යන විෂය අධ්‍යයනය කරනුයේ සමාජ විද්‍යා අංශයේ (social science) විෂය දහරාවක් ලෙසය. එබැවින් එම විෂය ස්භාවික විද්‍යා (natural science) විෂයන් අධ්‍යයනය කරන ක්‍රම වේදයන්ට හාත්පසින් වෙනස් ස්වරූපයක් ගනී. නමුත් ශ්‍රී ලංකාවේ විද්‍යා විෂයන් හැදෑරීමට අකමැති සිසුන් වාණිජ අංශයට පිටුවහලක් සපයාගනුවස් ආර්ථික විද්‍යාව හැදෑරීමට බොහෝවිට යොමුවෙති.

ආර්ථිකයේ නව මාවත්

ආර්ථික විද්‍යාව අර්ථශාෂ්ත්‍රය යනුවෙන් හදාරන රාජ්‍ය තාන්ත්‍රික විෂයානු බද්ධ අධ්‍යනයින්ගෙන්ද වෙනස් මුහුණුවරක් ගනී. එහෙත් නූතණ ආර්ථික විශේෂඥයින් ජගත් දේශපාලන ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රයන්ට කරන බලපෑම සුළුපටු නොවේ. ඇල්‍ෆ්‍රඩ් නොබෙල්ගේ ධාන පරිත්‍යාගයෙන් පිරිනමණ ස්වභාවික විද්‍යා සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට සමගාමීව ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගයක් පිරිනැමීම ඇරඹුනේ 1969 දීය. ස්වීඩනයේ මහා බැංකුවේ භාරයක් වන ඇල්‍ෆ්‍රඩ් නොබෙල් පදනමේ ධාන පරිත්‍යාගයෙන් මානව සංහතියේ ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවන් කරන ලොව සුප්‍රකට විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාග්‍ය පිරනැමීම ඇරඹුනේ 1901 දීය. වසර හැටකට පසු ආර්ථික විද්‍යාවේ වැදගත් කම සලකා නොබෙල් ත්‍යාග්‍යයකින් එකී ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ට යම් පිළිගැනීමක් ලැබුනේ ඔය අයුරිනි. වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේ තවමත් රැවු පිළිරැවු දෙන කාල් මාක්ස් සහ ෆෙඩ්රික් ඒන්ජල්ස්ගේ මූලික විෂය ක්ෂේත්‍ර පථය ආර්ථික විද්‍යාවයි. ඔවුන් දෙදෙනාගේම ධනවාදයේ සීමාවන් පිළිබඳ අනාවැකි වර්තමානයේ සිදුවෙමින් පවතින ගෝලීය ආර්ථිකයේ කඩාවැටීම ගැන පූර්ව ඉඟියක් සපයා ඇත. එහෙත් මාක්ස්වාදය යනුවෙන් ජනප්‍රිය වාමවාදී දේශපාලන දර්ශණයට වර්තමාන අභියෝගවලට විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය අඩිතාලම යෙදිය නොහැක. නව සහශ්‍රයට සංඛත තාක්ෂණයට සහ සුහුරු තාක්ෂණික මේවලම් වලට අනුගත විවිධ ජාතීන්ට සිය අණන්‍යතාවන් රැකගෙන තමනට ආවේණික තුලනාත්මක සහ තරඟකාරී ප්‍රථිලාභ හඳුනාගත යුතුව ඇත. දේශීයව පෙළගැසී ගෝලීයව කටයුතු කොට ජාත්‍යන්තර වෙළදාමේ තරඟකාරීව නිරතවීමට ශ්‍රී ලාංකේයන් සුදානම් විය යුතුවේ. ලංකාද්වීපයේ ආර්ථිකය ඓතිහාසිකවම ශක්තිමත්වුයේ ජාත්‍යන්තර වෙළදාමෙන් බව සිහියට ගතයුතුවේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික දිසානතිය

එම කටයුත්ත නිවැරදිව ඉදිරියට කරගෙන යාමට ශ්‍රී ලංකාවේ පද්ධතිමය වෙනසක් ආර්ථික, දේශපාලන, සහ සමාජ ක්ෂේත්‍රයන් සියල්ලම ආවරණය වන පරිදි සිදුවිය යුතුව ඇත. යටත් විජිත සමයේ ක්‍රියාත්මක කල පරිපාලන ක්‍රමය මුලින්ම වෙනස් කිරීම එහි පළමු පියවර විය යුතුය. රාජ්‍ය ආදායම නිසි පරිදි එක්රැස් කරගැනීමට පහසු පුරවැසියන් සියළු දෙනාම තමන්ට හැකි පමණ බඳු ගෙවන, සහනාධාර මත නොයැපෙන ආර්ථිකයක් නිර්මාණය කරගතයුතුවේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පරිපාලනමය ව්‍යුහය ඒකීය රාජ්‍යයක් තුල ප්‍රාන්ත රාජ්‍යයන් තුනකට වෙන්කර ඒ ඒ ප්‍රාන්ත රාජ්‍යවලට අයත් සම්පත් වලින් උපරිම ආර්ථික ප්‍රතිලාභ ගෙනඒමට සහ බඳු අයකිරීමේ නෛතික ඉඩ ප්‍රස්ථාව සපයා දිය යුතුව ඇත. වර්තමානයේ ගැටළු රාශියකට මුල්වෙන ජාති, ආගම් කුල අතර ඇති තරඟකාරීත්වය වෙනුවට ප්‍රාන්ත අතර සංවර්ධනය සහ සමාජීය ජීවන තත්වයන් වැඩි දියුනුව ඉලක්ක කරගත් තරගයක් ඇති කරවීම නුවණට හුරුය. දැනට බෙදා වෙන්කර පාලනයට අනුබල දෙන ඒකාබද්ධ අරමුදලෙන් අය වැයක් ඔස්සේ මුදාහරින සම්පත් නාස්තිකාරී පරිපාලනය අවසන් කරවීම නොපමාව කලයුතුව ඇත. අනාගත පරපුර ණය බරින් මුදවා ගැනීමට මෙය ප්‍රධානතම පද්ධතිමය වෙනසක් වනු ඇත. ජාතික ණය වැය වෙනුවට ප්‍රාන්ත රාජ්‍යයන්ට සිය සම්පත් කාර්යක්ෂමව යොදවා බඳු ආදායම එක්රැස් කර සිය ප්‍රාන්ත රාජ්‍යයේ ආර්ථික ශක්තිය මත තුලිත අයවැයක් මගින් පරිපාලන කටයුතු කරගෙන යාමට පහසුකම් සලස්වාදිය යුතුවේ. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන දේශපාලන බල විමධ්‍යගත කරවීම නාස්තිකාර වියදම් සහ සම්පත් නිසියාකාරව ප්‍රයෝජනයට ගත හැකි පරිදි කලමනාකරණය කරගත නොහැකි තත්වයකට පත්කර ඇත. මෙම තත්ත්වය පළමුව නිවැරදි කරගත යුතු පද්ධතිමය වෙනසකි. මෙම සමාන්තර පරිපාලනය රාජ්‍ය අංශයෙන් නඩත්තුවන සේවක සේවකයින් පිරිසක් බිහිකර ඇත. ප්‍රාන්ත රාජ්‍යයන් සමග සුසංයෝගීව කටයුතු කල හැකි ද්විත්ව සභා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවා ජාතික රජය උපායමාර්ගික දීර්ඝ කාලීන සැලැස්මක් මත පිහිටා වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩපිලිවෙල දියත් කල යුතුව ඇත. පවතින පළාත් පාලන පරිපාලන ක්‍රමවේදය ඒ අයුරින්ම ශක්තිමත් කොට ප්‍රාදේශීය සභා, පළාත් සභා සියල්ල විසුරුවා දැමිය යුතු බව මෙම ලියුම්කරුගේ අදහසයි.

රජයේ වගවීම

බදු ගෙවන්නාට සහ ඡන්දදායකයාට ඍජුව වගවෙන, වගකියන ප්‍රාන්ත රාජ්‍ය සභාව කේවල මැතිවරණ ක්‍රමයන් ඔස්සේ මහජන නියෝජිතයින් තො‍රා පත්කර සමානුපාතික ඡන්ද ක්‍රමයක් ඔස්සේ ජාතික පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 160ට නොයික්මවන අගමැතිවරයෙකුගේ නායකත්වයෙකින් කටයුතු සිදුවෙන කැබිනට් මණ්ඩලයක් පත්කර ගත යුතුවේ. ප්‍රාන්ත රාජ්‍ය තුනටම ඡන්දයෙන් පත්වෙන මහ ඇමති කෙනෙකු යටතේ ක්‍රියාත්මකවක කැබිනට් මණ්ඩලයක් ඔස්සේ පරිපාලනය කල යුතුය. රටේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් සියළු සම්පත් කාර්යක්ෂමව කලමනාකරණය කරනුවස් දේශපාලන අධිකාරිය පුළුල්ව විමධ්‍යගත කරමින්, ජාතික රජය සීමාසහිත තීරණාත්මක අංශ පමණක් සිය පරිපාලනයට නතු කරගත යුතුවේ. නව ප්‍රාන්ත රාජ්‍යයන්ගේ දේශ සීමාවන් තීරණය විය යුත්තේ ජන සංඛ්‍යාව පදනම් කර මිස අධිරාජ්‍යවාදීන්ගේ පළාත් සහ දිස්ත්‍රික් සීමා මත නොවන ලෙසට වග බලාගත යුතුය.

ආර්ථික විද්‍යාඥයින්ගේ අනාවැකි

ආර්ථික විද්‍යාව පිළිබද විග්‍රහයකින් ආරම්භ කල ලිපිය අවසන් කල යුත්තේද වර්තමානයේ ආර්ථික විද්‍යාඥයින් හමුවේ ඇති අභියෝගයන් ගැන සටහනක් කරමිනි. ජනප්‍රිය දේශකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා වරෙක රූපවාහිණී සාකච්ඡාවක ප්‍රකාශ කලේ වර්තමාන ආර්ථික විශේෂඥයින් බොහෝවිට කරනුයේ අනාවැකි පළකිරීම පමණක් බවය. නූතන තාක්ෂණික විපර්යාෂයන් හමුවේ ඔවුන්ට අනාවැකි පැවසිය හැක්කේ අනාගතය පදනම් කර නොව ගෙවීයන අතීතය උදෙසාය යන්න ඔහුගේ මතය විය. දැනට ලෝකයේ සිදුවෙමින් පවතින අර්බුද හමුවේ ආර්ථික විශේෂඥයින් කටයුතු කර ඇති ආකාරය සහ ඒවායේ අනිටු ප්‍රථිපල විමර්ශණය කල විට සූරියප්පෙරුම මහතාගේ නිරීක්ෂණය නිවැරදිය. දැනට දේශපාලනයේ නිරත ශ්‍රී ලාංකේය ආර්ථික විශේෂඥයින් යයි හදුන්වා ගන්නා අය කරනුයේ අනාවැකි වෙනුවට හිනාවැකි බව පාඨකයින් තේරුම් ගනු ඇත. මෙම ගොඩ පෙරකදෝරු විශේෂඥයින් ජනප්‍රිය දේශපාලන චරිත වල වීරයන් වූ ආර්ථික ඝාතකයිනි.

ඉහත නිගමනයන් වෙනත් දෘෂ්ඨි කෝනයකින් සාධාරනීකරණය කල යුතුව ඇත. ස්භාවික විද්‍යා දහරාවේ විද්‍යාඥයින් සිය පර්යේෂණ විද්‍යාගාරවල කර නොයෙක් අත්හදා බැලීම් කොට වඩාත්ම නිරවද්‍ය නිගමනය ලෝකයාට ඉදිරිපත් කරති. එහෙත් ආර්ථික විද්‍යාඥයින්ගේ පරියේෂණාගාරය කාලීන සමාජ ආර්ථිකයයි. එබැවින් අත්හදා බැලීම් නිරීක්ෂණය කොට නිගමන ඉදිරිපත් කරනු වෙනුවට, අනාවැකි ප්‍රකාශ කරමින් දේශපාලනඥයින් සිය මතයට හසුකර ගැනීම ප්‍රායෝගික බව වටහා ගෙන ඇත. මීට අමතරව සිය මතයන් තහවුරු කර ගැනීමට කටයුතු කරන බහුජාතික සමාගම් සහ ආයතන සහ වෙළදපොල බලවේගයන් පොළඹවා ගැනීමටද ඔවුන් සමත් ව ඇත. මෙම ක්‍රියාදාමයේ අනර්ථකාරී තත්ත්වය දැන් ලෝකයා හමුවේ දිග හැරමින් පවතී. පද්ධතිමය වෙනසක් ශ්‍රී ලංකාවට මෙන්ම සෙසු ‍භූ දේශපාලනික ක්‍රියාවලියටම අත්‍යාවශ්‍ය බව නිවැරදිව තේරුම් ගතයුතුව ඇත.

The post වත්මන් ආර්ථික විද්යා පුරෝකථනයන් නිවැරදිද? appeared first on Colombo Telegraph.

You may also like

- island.lk

Aljazeera reported that a court in Pakistan’s eastern city of Lahore has struck down a colonial-era sedition law, calling it “inconsistent” with the constitution, in a verdict hailed by free speech advocates and journalists. A single-judge bench of the Lahore High Court on Thursday declared the sedition law unconstitutional. The court’s verdict will be applicable […]

- island.lk

President Ranil Wickremesinghe delivering the keynote address at the ‘Economic Dialogue- IMF and Beyond’ panel discussion, which took place at the Colombo Galle Face Hotel on Thursday (30) said that it is imperative for everyone to collaborate in creating a prosperous community for future generations, without resorting to finger-pointing and blaming each other.  

- island.lk

President Ranil Wickremesinghe and Speaker Mahinda Yapa Abeywardena paid their last respects to the late Joseph Michael Perera at the Parliament complex yesterday (30).

- adaderana.lk

The 51st commemoration ceremony for philanthropic politician and former minister Philip Gunawardena, was held yesterday (29), at the Bandaranaike Memorial International Conference Hall in Colombo under the patronage of President Ranil Wickremesinghe.

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has issued a statement on the recent string of protests launched against former BASL President Saliya Pieris s decision to represent a client of apparent concern.

- adaderana.lk

Nine soldiers were killed in a crash of two medical evacuation Black Hawk helicopters during a routine nighttime training mission over Kentucky, the U.S. Army said on Thursday, in one of the military s deadliest training accidents in recent years.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc