භූමි කම්පාව : ''තුර්කියේ සිටි ශ්රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් නෑ'' මිය ගිය ගණන 4300 ඉක්මවයි
තුර්කියේ සිටි ශ්රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.