දේවින්දගේ “මම අඩකුඹයි” ඉන්දියාවේ තුන්වෙනි අන්තර් ජාතික රංග සේනා නාට්ය උළෙලට
දේවින්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයක් ඉන්දියාවේ තුන්වෙනි අන්තර් ජාතික රංග සේනා නාට්‍ය උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගත්තා.
ඉන්දියාවේ කල්කටා හි වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන දේවින්ද වික්‍රමසිංහ මෙම නාට්‍ය නම්කර තිබෙන්නේ “මම අඩකුඹයි” ලෙසයි.
මෙම නාට්‍ය ඉන්දියාවේ 3න් වන අන්තර් ජාතික රංග සේනා නාට්‍ය උළෙල නියෝජනය කළ අතර ඊට අදාළව නාට්‍ය ශාස්ත්‍ර 2023 ගෞරව සම්මානය දේවින්ද වික්‍රමසිංහට හිමිවුණා.
මෙම වේදිකා නාට්‍යයේ එක් රංගන ශිල්පියෙකු පමණක් සිය රංගනය ඉදිරිපත් කරන අතර ඔහු ප්‍රදීප් රාමවික්‍රරමයි. එම රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් එම රංගන ශිල්පියාට ද හිමිවුණා.
බංගලාදේශය, නේපාලය, පාකිස්තානය ආදී රටවල් රැසක් නියෝජනය කරමින් මෙම නාට්‍ය උළෙල වෙත නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.
මම අඩකුඹයි නාට්‍ය 2015 වසරේ මෙරට ජාතික යෞවන සම්මාන උළෙලේ හොදම නාට්‍ය ඇතුලු සම්මාන 6ක් දිනා ගෙන ඇති අතර 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උළේලේදී ඇගයීමට ද ලක්වුණා.
The post දේවින්දගේ “මම අඩකුඹයි” ඉන්දියාවේ තුන්වෙනි අන්තර් ජාතික රංග සේනා නාට්ය උළෙලට appeared first on ITN News.