‘KRI Raden Eddy Martadinata – 331’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් රේඩන් එඩි මාටා ඩිනාටා 331 යුද නෞකාව කොළඹ වරායට සේන්දු වුණා.
කොළම වරායට පැමිණි මෙම ඉන්දුනීසියා නාවික හමුදා නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමටයි ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේ. දිගින් මීටර් 105.2 ක් වන මෙම නෞකාවේ නාවික බලමුළුව 138 දෙනෙකුගෙන් සමන්විතයි. දිවයිනට පැමිණි ඉන්දුනීසියා නෞකාව නිල සංචාරය අවසන් කරමින් අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
The post ‘KRI Raden Eddy Martadinata – 331’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි appeared first on ITN News.