ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලූ පෙත්සම අද විභාගයට
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකර ඇති රීට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවයි.
රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති හෙයින් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම රීට් පෙත්සම ගොනුකර ඇත්තේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් එම් ආර් විජේසුන්දර මහතායි. එම පෙත්සම එස් තුරෙයි රාජා හා ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීමට නියමිතයි.
අදාළ පෙත්සම පසුගිය 10 වනදා සැලකා බැලීමට කැඳවූ අවස්ථාවේ එය වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
අදාළ පෙත්සම ලබන 23 වනදාට පෙර කැඳවන ලෙස ඉල්ලා පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයාගේ නීතිඥවරුන් මෝසමක් ගොනුකරනු ලැබුවා.
ඒ අනුවයි පෙත්සම අද දිනයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.
The post ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලූ පෙත්සම අද විභාගයට appeared first on ITN News.