ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ඇරඹීමේ යෝජනාවක්
චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමේ යෝජනාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදු වන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණය සදහා මෙම සේවාව වැදගත් වනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.
පළමුව කෙටිකාලීන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කිරීමට ද යෝජනා වී තිබෙනවා.
මෙරට දකුණු මුහුදු තීරයේ දිනකට නැව් 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ගමන් කරන බැවින් වෙරළබඩ මුහුදු තීරයේ සමුද්‍ර ගමනාගමන ඝනත්වය ඉහළ මට්ටමක පවතිනවා.
වාර්ෂිකව ඉන්ධන මෙට්‍රික් ටොන් මිලියන 525 කට වැඩි ප්‍රමාණයක් මෙරටට අයත් ආර්ථික කලාපය හරහා ප්‍රවාහනය කෙරෙනවා.
ඉන්ධන කාන්දුවීම පිළිබද කඩිනමින් තොරතුරු ලබාගැනීම තුළ නෞකා මගින් සිදු වන දූෂණය වැලැක්වීමට පියවර ගත හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.
The post ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ඇරඹීමේ යෝජනාවක් appeared first on ITN News.