ඕස්ට්රේලියා – ඉන්දියා 3 වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
පළමු ඉනිම ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 109 ක් ලබාගත්තා.
ඒ පන්දුවාර 33 යි පන්දු දෙකකදීයී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 197 ක් ලබාගත්තා.
ඒ පන්දුවාර 76 යි පන්දු තුනකට මුහුණ දෙමින්.
මේ වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවර පහර දෙමින් සිටිනවා.
පන්දු යැවීමේදී ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා කඩුළු 04 ක් ලබා ගත් අතර රවිචන්ද්‍රන් අශ්වින් හා උමේෂ් යාදෙව් කඩුළු 03 බැගින් දවා ගත්තා.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුණේ උස්මාන් කවාජායි.
ඒ ලකුණු 60 ක් ලබාගනිමින්.
The post ඕස්ට්රේලියා – ඉන්දියා 3 වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි appeared first on ITN News.