මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහො දිනකයි.
බුදුවීමෙන් 10වන මාසයේ ශුද්ධෝධන පියරජුගේ ආරාධනයකට අනුව රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්නුවරට වැඩමකරවීම සිදුව තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමා මහ පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, වැනි කරුණු සිදුවූයේද අදවන් පොහෝ දිනකයි
රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම, දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද සිදු වී තිබෙනවා.
ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නීතියක් ද පනවන ලද්දේ මැදින් පොහෝ දිනක බවයි ඉතිහාස පොත පතෙහි සඳහන් වන්නේ.
The post මැදින් පුර පසළොස්වක පොහොය අදයි appeared first on ITN News.