පොහෝ දින ශ්රී පාදය කරුණාවට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙයි
මැදින් පොහෝ දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලන් (05) දින සිට පැමිණෙමින් සිටියි.
පෞද්ගලික වාහනවලින් සහ දුම්රියෙන් මෙම වන්දනාකරුවන් පිරිස පැමිණ සිටි අතර, දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර තිබෙනවා.
ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන අය අත්අඩංගුවට ගැනීමට සඳහා හැටන් පොලිස් කොට්ඨාශයට අනුබද්ධ පොලිස් ස්ථානවලින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇත.
මැදින් පොහෝදින නිමිතෙන් ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් (06) දින ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වතාවන් රැසක් පැවැත්විණ.
The post පොහෝ දින ශ්රී පාදය කරුණාවට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙයි appeared first on ITN News.