තුර්කි භූ කම්පනයෙන් සිදුව ඇති හානිය ඇ.ඩොලර් බිලියන 100 ඉක්මවයි
තුර්කියට බලපෑ භූ කම්පනයෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 100 ඉක්මවන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.
පසුගිය පෙබරවාරි 6 වනදා තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් පුද්ගලයින් 52000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වුණා.
භූ කම්පනයෙන් විනාශ වු තුර්කිය යළි ගොඩ නැගීමට ඇමෙරිකා ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවට ජගත් සංවිධානයේ සංවර්ධන වැඩසටහන පවසනවා.
ඒ සඳහා අරමුදල් රැස් කිරිමේ අරමුණින් ජගත් සංවිධානයේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ දී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ද නියමිතයි.
ලබන 16වනදා බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය හරහා දිවි බේරා ගත් පුද්ගලයින්ට සහන සැලසීමට හා නැවත ගොඩ නැගීමේ කටයුතු සඳහා මුදල් රැස් කිරීමට කටයුතු කරන බව ජගත් සංවිධානය පවසනවා.
The post තුර්කි භූ කම්පනයෙන් සිදුව ඇති හානිය ඇ.ඩොලර් බිලියන 100 ඉක්මවයි appeared first on ITN News.