කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සුබ පණිවුඩයක්

- itnnews.lk

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පුද්ගලයන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එමඟින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවයි කර ඇත්තේ.

බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යූහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් .

සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ප්‍රවාහන, පාසල් වෑන් රථ, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වන බවයි මහා බැංකුව සඳහන් කරන්නේ.

කොවිඩ්-19 බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට ලබා දී ඇති ණය සහන කාල සීමාවේ අවසාන අදියර බැංකු අංශය සදහා 2022.06.30 දිනෙන්ද බැංකු නොවන මුල්‍ය ආයතන අංශය සදහා 2022.03.31 දිනෙන්ද අවසන් වී තිබෙනවා

මූල්‍ය පද්ධතිය මත අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි මූල්‍ය අංශයේ ස්ථායීතාවය රැකගන්නා අතරතුර ණය සහන කාලසිමාව තිරසාර ලෙස අවසන් කිරීම සඳහා ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ නව හැකියාව මත පදනම්ව මාස 6ක කාල සීමාවක් දක්වා, අවස්ථානුකූලව සුදුසු ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් සැලසුම් කිරීම සඳහා, බලපත්‍රලාභී බැංකු වෙත සහ බැංකු නොවන මුල්‍ය ආයතන වෙත උපදෙස් ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 අංක 02 සහ 2022 අංක 01 දරණ චක්‍රලේඛයන්, 2022 ජූලි මාසයේදී නිකුත් කළා.

ඒ අතරතුර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඩ්-19 සහ ඉන් පසු ඇති වූ සුවිශේෂී සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් ව්‍යාපාර/ආදායම් උත්පාදන කටයුතුවලට බාධා මතු වූ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර හඳුනාගෙන, එවැනි ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන ලබා දීම මඟින් ආර්ථික පුනර්ජීවනයට දායක වීම අරමුණු කරගනිමින් බලපත්‍රලාභී බැංකුවල සහ බැංකු නොවන මුල්‍ය ආයතන වල පශ්චාත් කොවිඩ්-19 පුනර්ජීවන ඒකක පිහිටුවීම බලාත්මක කිරීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.

ණය සහන කාලසීමා පැවති විවිධ අදියරයන් තුළ මූල්‍ය ආයතන විසින් ණය සහන ඇතුළුව විවිධ සහන ලෙස මිලියන 3.3 කට අධික ඉල්ලීම් ප්‍රමාණයකට අදාළව සමස්ථයක් ලෙස රු. බිලියන 5,994 ක මුදලක් අනුමත කර ඇති බවද සඳහන්.

The post කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සුබ පණිවුඩයක් appeared first on ITN News.

You may also like

- island.lk

Minister of Foreign Affairs, Ali Sabry, while attending the ‘Collective Path to a Stable Country’ press briefing held at the Presidential Media Centre (PMC) this morning (08) said that the Light Rail Transit (LRT) project was not a  stalled Japanese project but was scrapped during the tenure of President Gotabaya Rajapaksa. Nevertheless,  the present government […]

- adaderana.lk

Three persons including a Police Constable, and a Sergeant attached to the Kottawa Police Station have been arrested by Bribery Commission officers while accepting a bribe of Rs. 200,000.

- adaderana.lk

Two retired officers of the Sri Lanka Army have been arrested for illegally recruiting Sri Lankan army soldiers to be employed in the Russian military.

- adaderana.lk

Former CEO of the National Medicines Regulatory Authority (NMRA) Dr. Vijith Gunasekara, has been arrested by the Criminal Investigation Department (CID) on Wednesday (08).

- adaderana.lk

One person was shot dead by unidentified gunmen in Bogahapitiya area of Ahungalla, the police said.

- news.lk

President Ranil Wickremesinghe directed relevant officials to ensure the completion of infrastructure development in the Bingiriya Industrial Zone by the end of this year.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc