දිවියෙකු බේරා ගැනීමට ගිය වනජීවී වෛද්යවරයාට දිවියාගෙන් ප්රහාරයක්
තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු, දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව , ඌව පළාත් බාර වනජීවී නිලධාරීන් පිරිසක් රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්රියත්කම කර තිබෙනවා.
එම අවස්ථාවේදී එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබෙනවා.
වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් ඇති අතර දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කළ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී වෛද්‍ය මාලක අබේවර්ධන මහතා සැත්කමකටද ලක් කොට තිබෙනවා.
The post දිවියෙකු බේරා ගැනීමට ගිය වනජීවී වෛද්යවරයාට දිවියාගෙන් ප්රහාරයක් appeared first on ITN News.