ඉන්දීය ධීවරයින් 16 ක් සමඟ ට්රෝලර් යාත්රා 2ක් අත්අඩංගුවට
යාපනය වෙත්තලකේණි සහ අනලතිව් දූපත අතර වූ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමගින් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අද දින අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු සීමාවට ඇතුලුවී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.
ඉන්දීය ධීවරයින් සමඟ ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරෙයි නාවික වරාය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
අනතුරුව අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 16 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
The post ඉන්දීය ධීවරයින් 16 ක් සමඟ ට්රෝලර් යාත්රා 2ක් අත්අඩංගුවට appeared first on ITN News.