යතුරුපැදියක්, වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි – දෙදෙනෙකුට බරපතල තුවාල
හොරණ කළුපන පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා..
යතුරුපැදියක්, වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් ඇතුළු වාහන 04 ක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයෙකු සහ තරුණියක බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
හොරණ ප්‍රදේයේ සිට පැමිණි වෑන් රථයක් කළුපන පාලම අසලදී තවත් වෑන් රථයක් පසුගකර යාමට උත්සාහ දැරීමේදී පානදුර දෙසට පැමිණි යතුරු පැදියක ගැටී අසල නවතා තිබූ තවත් මෝටර් රථයක ද ගැටී තිබෙනවා.
අනතුරෙන් පසු වෑන් රථයේ රියදූරු පොලීසිය අත්අඩංගුවට ගත් අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
The post යතුරුපැදියක්, වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි – දෙදෙනෙකුට බරපතල තුවාල appeared first on ITN News.