දුම්රිය අංශ කිහිපයක් හෙට වර්ජනයට එකතු නොවේ
හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට දින වැඩ වර්ජනයට සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගම් පවසනවා.
කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසන්නේ හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සංගමය සහභාගී වන බවයි
වෛද්‍යවරුන්ද ඊයේ (13)සහ අද(14) දිනයේ පළාත් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් වැඩ වර්ජනයක නිරත වුණා.
එසේම වෘත්තීය සමිති රැසක් හෙට (15) දින වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතයි
The post දුම්රිය අංශ කිහිපයක් හෙට වර්ජනයට එකතු නොවේ appeared first on ITN News.